දුම්රිය පිලීපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා..
Sri Lanka
By krishani
කන්කසන්තුරේ සිට ගල්කිස්සට පැමිණ යළි ධාවනාගාරයට ගමන් කරමින් තිබියදී පීලිපැලීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම, මේ වනවිටත් සිදු කරමින් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
එය අද(17) දිනයේදී පීලිගත කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කළහැකි බවයි ඔවුන් සඳහන් කළ අතර කෙසේ වෙතත්, මේ හේතුවෙන් අද දිනයේදීත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබිණ.
ඒ අනුව දකුණු කළුතර සහ අලුත්ගම දක්වා ධාවනය කෙරෙන මන්දගාමී දුම්රිය කිහිපයක් අවලංගු කිරීමටයි පාලක මැදිරිය කටයුතු කර ඇත්තේ.