කව්ද මේ හැමෝම කතාවෙන හරී අපූරූ පාර කියන අත්තම්මා...
කව්ද මේ හැමෝම කතාවෙන හරී අපූරූ පාර කියන අත්තම්මා...
කෑගල්ල හෙටිටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය ඉදිරිපිට නොනවත්වා වසර 45 ක් රථවාහන හසුරුවන මේ අත්තම්මා කවුරුත් හදුන්වනු ලබන්නේ "ට්‍රැෆික් ආච්චි" යන අන්වර්ථ නාමයෙන්.
ඇය මේ කරන සමාජ මෙහෙවර පටන් ගෙන ඇත්තේ මීට වසර 45 පෙර තම දියණිය පාසල වෙත ඇරලවීමෙන් පසු ඇතිවු සිතිවිල්ලක ප්‍රතිපලයක් විදියට.
ඇය මේ පාසලේ දරුවන් ආරක්ෂිතව පාර මාරුකිරීමේ සමාජයමය කටයුත්ත සදහා පාසල් දිනවල උදෑසන හයට නිවසින් පිටත්වෙනවා.
අනතුරුව ඇය අද වන විට පුරා වසර 45 ක කාලසීමාවක් ස්වේච්ඡාවෙන්ම මේ සද් කාර්යයේ යෙදෙන බව තමයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මේ වසර ගණනාව ඇතුළත හත් අට වතාවටකට වඩා තම සහභාගිවීමට නොහැකි වු බව පවසා තිබුණා. ලිලි අත්තම්මා අප සමාජයේ දක්නට ලැබෙන ඉතාමත්ම ආදර්ශවත් චරිතයක්,විශිෂ්ට කාන්තාවක්. මොකද වසර 45 ක් පුරා ඇය සමාජයට දුන් ආදර්ශය පාසල් පෙළපොතට පවා පසුකාලීනව ගෙනැවිත් තියෙන නිසා.
පුරා අඩසියවසකට පමණ කාලයක් සමාජයට දුන් ආදර්ශය, මේ ආදර්ශමත් චරිතය "පාර කියන අත්තම්මා"ලෙසින් 5 ශ්‍රේණිය සිංහල කියවීම් පෙළපොතේ පිටුවකද මේ වන විට සදහන් වෙලා තියෙනවා.
ඉන් අවධාරණය වන්නේ ලිලි අත්තම්මා වැනි චරිත කොතෙක් අප රටට වැදගත් ද කියලා. එම ඇතුළත් කිරීම සදහා දායකත්වය ලබා දුන් අයවලුන්ද මේ අවදියේදීම පැසසිය යුතුය.
එය ප්රශස්ත ක්‍රියාවක්. ඇයගේ ම කතාවක් "මට දැන් පාසල්වල අඩගහනවා. මේ පාඩම ගෑන කියා දෙන්න කියල .මට හරි ආඩම්බරයක් අද රුවන්වැල්ල ස්කෝල දෙකකට ගියා. ඒ ළමයින්ට මාව බලන්න ඕනෑලු. ඉතින් යනව හැම ස්කෝලෙකටම දැන්. කැමැත්තෙන් යන්නේ."
ඒ ඇගේ ස්වේච්ඡාවෙන්ම කරන රාජකාරියට අමතරව ය. ලිලී වයලට් නම් වූ මැය 2017 දී ගෞරව සම්මානයට පාත්‍ර වන්නේ, වසර 40ක් මුළුල්ලේ සිදුකළ සමාජ මෙහෙවර වෙනුවෙනුයි.(Unsung Hero) ඒ අතරම ඇය නොයෙක් වර සමිමාන වලින් පිදුම් ලබා ඇත.
" මිනිසාට සේවය කිරීම මිනිසාගේ යුතුකම "බවට තවදුරටත් සමාජයට පසක් කරමින් සිය ජීවිතාදර්ශයෙන් ම ප්‍රකට කළ මේ ජේෂ්ඨ පුරවැසි උදාර මාතාවගේ සේවය හෙට දවසේ සමාජයට පිවිසෙන අනාගත බාර ගැනීමට ඉන්නා පරපුරට ද මග එළි දල්වන්නකි.
මෙවැනි ආදර්ශවත් චරිත පිළිබදව අපි ඔබට කියන්නේ ඔබටත් මෙවැනි චරිත තුළින් ගන්න තියෙන ආදර්ශය හදුනා ගන්න.