රියදුරන්ට දැනුම්දීමක්..!

Sri Lanka Police Kandy Sri Lanka
By Sewvandhi Aug 28, 2023 10:45 AM GMT
Report

අද (28) මහනුවර ඇසළ උත්සවයේ තෙවැනි රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරයි.

අද සවස 6.48ට එම පෙරහැර ගමන් ආරම්භකර දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කරයි.

පොලීසිය එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ට දන්වයි. එම පෙරහැර ගමන්ගන්නා මාර්ගවල සිතියම පොලීසිය විසින් මාධ්‍ය ට නිකුත් කළේය.

එය පහතින් දැක්වෙයි...

Gallery