රියදුරන්ට ලැබෙන සතියක කාලය..
Sri Lanka Police
Colombo
Sri Lanka Police Investigation
Latest Headlines
By krishani
කොළඹ නගරය තුළ CCTV මගින් රථ වාහන වැරදි නීරීක්ෂණයට අදාළ දඩ පත්‍රිකා ලබන මස 1 වන දා සිට නිකුත් කීරිමට තීරණය කර තිබෙනවා.
ඒ බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.
වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ අද සිට සතියක කාලයක් රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ඊට අදාළ උපදෙස් පත්‍රිකාවක් යොමු කරන බවයි.
මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් හඹා යෑම සඳහා පොලිසිය ක්‍රියාත්මක කරන නව සී සී ටී වී නිරීක්ෂණ ක්‍රමවේදය අද දින දියත් කෙරිණ.
මේ බව එම අවස්ථාවට එක් වෙමින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද එම අවස්ථාවට එක් ව සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහතින්,
Sponsored By Sarrita Jewellery