ට්‍රැෆික් එක අඩු කරලා - උතුරු මැදට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් හදලා - නගර සංවර්ධනයට කරන්න යන දේ.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka Budget 2024 - sri lanka
By Wayomi Nov 13, 2023 08:33 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම.

?මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩකටයුතු චීනය සමඟ එක්ව ආරම්භ කරනවා.

? ජනසභා ලේකම් කාර්යාල පිහිටුවීම වෙනුවෙන් රුපියල් මිලියන 700 ක් වෙන් කෙරේ.

? ජනවාරි 1 වැනිදා සිට මහ නගර සභා වලට වැටුප් ගෙවීම සඳහා සියයට අසූවක මූල්‍යනයක් ලබා දෙනවා.

? මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදි කිරීමට හැකියාව තිබේ දැයි සලකා බලනවා

? හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මූලික කටයුතු සඳහා රුපියල් බිලියන දෙකක් වෙන් කරනවා.

? 2025 වසරේ සිට පළාත් සභා ආදායමෙන් සියයට පනහක් පමණ පුනරාවර්තන වියදම් ලෙස යොදවා අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට යෝජනා කරනවා.

? පිටකොටුව ගාල්ල මාතර අනුරාධපුර යාපනය වැනි මහා නගර ආශ්‍රිතව දුම්රිය ස්ථානය නගර ඉදිකිරීම සඳහා දෙස් විදෙස් ආයෝජන කැඳවීමට යෝජනා කරනවා.