ලබන 12 වෙනිදා දිවයින පුරා පාසල් වැසෙයි ද?..

Strike Sri Lanka Sri Lankan Schools Latest Headlines Decision Making
By krishani Jun 10, 2024 03:36 PM GMT
Report

එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

ලබන 12 වෙනිදා දිවයින පුරා පාසල් වැසෙයි ද?.. | Trade Union Action 26Th June 2024

ඒ වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් ය.

ඒ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලබන 12 වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි.

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..

මෙහෙම වුණොත් කීයටවත් බෑ - ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිම ගැන විශේෂ තීරණයකට යයි..


මේ අතර, පෙරේදා (08) දින 2023 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ඇරඹිණ.

පසුගිය 06 වන දා පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව පැවතිණ.

නමුත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම කටයුතු දින දෙකකින් කල් දැමීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පියවර ගත්තේ ය.

උපාධිධාරීන්ට සුබ ආරංචියක් මෙන්න - නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

උපාධිධාරීන්ට සුබ ආරංචියක් මෙන්න - නව බඳවා ගැනීමක් සම්බන්ධයෙන් කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ අනුව පෙරේදා දින සිට පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කිසිදු ගැටලුවකින් තොරව ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව පෙරේදා දිනයේ සිට 17 වනදා දක්වා මධ්‍යස්ථාන 101ක දී පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙයි.

පසුගිය මැයි 06 වන දා ආරම්භ වු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 15 වනදා දක්වා පැවැත්විණ.

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඕනම වෙලාවක විය හැකිය?. ලංකා බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන් වෙත කරන විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


මේ අතර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයඳුම් පත් කැඳවීම මේ වන විට සිදුකෙරේ.

කෙසේ වෙතත්, නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් කැඳවන අතර එය එළඹෙන 19 දක්වා සිදුකිරීමට නියමිතය.