Toyota වාහන ගැන හදිසි නිවේදනයක්..! වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්..

Toyota
By Sewvandhi Jul 12, 2023 09:56 AM GMT
Report

Toyota සමාගම විසින්, මෝටර් රථ දහස් ගණනක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් නැවත කැඳවීමට තීරණය කර තිබේ. මෙසේ නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ Yaris වර්ගයේ මෝටර් රථ නිෂ්පාදන මාදිලි කිහිපයකි.

එහිදී 2020 ත් 2023 ත් අතර නිෂ්පාදනය කර ඇති Toyota Yaris පෙට්‍රල් සහ hybrid වර්ගයේ මෝටර් රථ මාදිලි කිහිපයක් මෙලෙස නැවත කැඳවා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අදාළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ මෝටර් රථ මාදිලිවල සමබරතාවය සම්බන්ධයෙන් ඇතිවූ නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙලෙස එම රථ යළි කැඳවා තිබෙන බවයි.

මේ අතර අදාළ කාලසීමාව තුළ නිෂ්පාදිත මෝටර් රථ භාවිත කරන පුද්ගලයින් සිටීනම් එම රථ පරීක්ෂාකරගැනීමක් සිදුකරගත යුතු බවයි, Toyota සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ආසන්න වශයෙන් එම වර්ගයේ මෝටර් රථ 7633කට ආසන්න ප්‍රමාණයකට ඉන් බලපෑමක් සිදුවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.