තවත් ගාස්තුවක් ඉහළ දැමේ - සම්පූර්ණ විස්තරය මෙතනින්.
Sri Lanka Economic Crisis
Economy of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
යාල සහ බූන්දල වන උද්‍යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව ඉහළ දමා තිබෙනවා.
ඒ රුපියල් 2,000 කින් ය.
ඒ බව අද (29) යාල සෆාරි ජීප් සංගම් එකමුතුවේ සභාපති අජිත් ප්‍රියන්ත සඳහන් කළේ ය.
ඒ අනුව, එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
සෆරි ජීප් රථ සඳහා යොදාගන්නා ටොයෝටා හයිලැක්ස් සහ මිට්ෂුබිෂි රථයක පැය 4 ක සංචාරයක ගාස්තුව රුපියල් 13,000 සිට රුපියල් 15,000 ක් දක්වා ද, දිනක සංචාරක ගාස්තුව රුපියල් 28,000 සිට 30,000 දක්වා ද, ඉහළ දමා ඇත.
එමෙන්ම මහේන්ද්‍රා මැක්සි සහ ටාටා රථයක පැය 04ක සංචාරයක ගාස්තුව රුපියල් 11,000 සිට රුපියල් 13,000 ක් දක්වා ද, දිනක සංචාරයක ගාස්තුව රුපියල් 26,000 සිට 28,000 දක්වා ද, ඉහළ දැමූ බව ඒ මහතා සඳහන් කළේ ය.
Sponsored By Sarrita Jewellery