සංචාරක පැමිණීමේ වාර්තා අලුත් වෙයි

Economy of Sri Lanka Latest Headlines
By R.rishma Sep 13, 2026 08:13 AM GMT
Report

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 06 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,567,007ක්.

මේ අතර, සැප්තැම්බර් පළමුවැනිදා සිට 06 වැනිදා දක්වා දින හයක කාලය තුළ සංචාරකයින් 31,885 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 395,377කි.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 152,625ක්, චීනයෙන් 102,473ක් සහ ජර්මනියෙන් 91,763ක් ලෙස සැලකිය යුතු සංචාරකයින් පිරිසක්ද මේ දක්වා මෙරටට පැමිණ තිබේ.

එමෙන්ම, සැප්තැම්බර් මාසයේ පළමු දින හය තුළද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 9,897කි.