හිරේ සිට කුඩු විකුණන අය ගැන දැඩි තීරණයක්.

Sri Lanka Police Government Of Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Wayomi Jan 29, 2024 11:39 AM GMT
Report

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ව්‍යාපාර කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් රජය දැඩි තීරණයක් ගෙන තිබෙනවා.

ඒ,අනුව බන්ධනාගාර තුළ දීර්ඝ කලක් තිස්සේ විවිධ චෝදනාවලට ලක්ව රැඳී සිටිමින් ව්‍යාපාර කටයුතු කරන මහා පරිමාණ හෝ සුළු පරිමාණ සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, වෙනත් සිරකරුවන්ට හිමිවන කිසිදු සමාවක් මින් ඉදිරියට නොලැබෙන අතර දියහැකි උපරිම දඬුවම් ලබාදෙනු ඇති.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසින්,

‘‘මේ වන විට බන්ධනාගාර නවයක පුනරුත්ථාපන ඒකකයන් පවත්වාගෙන යනවා. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බන්ධනාගාර තුළ රැඳී සිටියදීම විවිධ ව්‍යාපාර කරන බව අනාවරණ වී තිබෙනවා. එවැනි ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් ලබා දෙන්නේ නැහැ’’ 

                                                               Sponsored By Sarrita Jewellery


හිරේ සිට කුඩු විකුණන අය ගැන දැඩි තීරණයක්. | Tough Decision On Those Who Sell Drugs From Prison