වෙන්නප්පුව දේවස්ථානයේ කින් මතුවූ අදහාගත නොහැකි දේ බැලීමට දහස් ගණන් ජනතාව ඇදේ..

church Kandy Vennappuva Bolavaththa
By Sewvandhi වසර 1 කට පෙර

වෙන්නප්පුව, බෝලවත්ත පරලෝක රාජේශ්වරියගේ දේවස්ථානයේ ඉදිකිරීම් කටයුත්තකදී වසර සිය ගණනක් පැරණි බවට සැක කරන සොහොන් ගැබක් හමු වී ඇති බව වාර්තා වෙනවා.

ඊයේ දහවල් මෙම සොහොන් ගැබ මතුව ඇති අතර එම අස්ථාවේ සිට මෙය දැක බලා ගැනීම සඳහා දහස් ගණනක ජනතාවක් දේවස්ථානය වෙත පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ.

මේ සිදුවීම වන අවස්ථාවේ මීසම් පාලක පියතුමා ඇතුළු දායක සභාවේ කීප දෙනෙකු සිට ඇත්තේ මහනුවර වන අතර ඒ අවස්ථාවේදී ම හලාවත වැඩබලන රදගුරු හා මහනුවර රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්දීස් හිමිපාණන්ට දැනුම් දී තිබේ.  මේ

වන විට මේ දේවස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.  එමෙන් ම, මේ පිළිබඳව කතෝලික සභාවට හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඉදිරි පියවර ගන්නා බව මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා වැඩිදුරට ත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now