කොළඹ වැඩි වූ වැසිකිලි ගාස්තු යළි සංශෝදනය කෙරේ.
Colombo
Toilet
By Wayomi
කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි භාවිත කිරීමේ දී අය කරනු ලබන ගාස්තු යළි සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම වැසිකිලි භාවිත කිරිමේ දී අය කළ රුපියල් 20 ගාස්තුව පසුගියදා රුපියල් 50ක් දක්වා ඉහළ දමනු ලැබුවා.
කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිශන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසුවේ, වැසිකිළි ගාස්තු ඉහළ නැංවීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එලෙස ඉහළ නැංවු ගාස්තු පෙර පැවැති මිල ගණන් රු.20 දක්වා යළි සංශෝධනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් එම වැසිකිළි නඩත්තු කරන පාර්ශව වෙත දැනුම් දී තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිශන් සභාව කියා සිටියේ, ඒ අනුව ඊයේ පස්වරුවේ සිට පෙර පැවැති රුපියල් 20 ගාස්තු යටතේ ආදාළ අය කිරිම් සිදු කරන බවයි.