වැසිකිළි ගාස්තු ඉහළට

Sri Lanka
By Sewvandhi Sep 07, 2023 08:52 AM GMT
Report

පොදු වැසිකිළිය භාවිතය සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වරකට එක් අයකුගෙන් රුපියල් 100ක මුදලක් අය කෙරන බව වාර්තා වේ.

ජනතාව ප්‍රකාශ කරන්නේ, මේ හේතුවෙන් පුද්ගලයන් ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල මුත්‍ර කිරීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ද මතු ව ඇති බවයි

මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළ මට්ටමක පවතින බව ද සඳහන් අතර රුපියල් සියයක් වැනි මුදලක් වැසිකිළි පහසුකම් සඳහා ගෙවීම ගොවියන්ට හා කම්කරුවන්ට අපහසු බව වාර්තා වී තිබේ.