ලංකාවම නොඉවසිල්ලෙන් බලන් හිටිය මැච් එක - අදත් ලංකාව පරාජයට පත් වෙයි.. (PHOTOS)
Cricket
Sri Lanka Cricket
Australia
India
Australia Cricket Team
By krishani
අද (16) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2කදී ලකුණු 215ක් රැස්කරමින් ජයග්‍රහණය හිමි කරගත්තේ ය.
ඒ ලකුණු 209 ක ඉලක්කය හඹා යමින් ය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Josh Inglis පන්දු 59කදී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 58ක් රැස් කළේ ය.
එමෙන්ම මිචෙල් මාෂ් පන්දු 51කදී හතරේ පහර 9ක් සමග ලකුණු 52ක් රැස් කළ අතර Marnus Labuschagne ලකුණු 40ක් රැස්කර ගැනීමට සමත් විය.






