ඇෆ්ගනිස්තානය, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි ඉතිහාසය අලුත් කරයි - ඇෆ්ගනිස්තානයම සතුටින් හඬවමින් අද සිදුවුණ දේ මෙන්න.. (PHOTOS)
Cricket
Afghanistan
Pakistan national cricket team
Afghanistan Cricket Team
ICC World Cup 2023
By krishani
අද (23) ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය පැවැත්විණ.
එහිදී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.
එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී පාකිස්තානය පරදවා ඇෆ්ගනිස්තානය වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙය ලෙස ඉතිහාසගත වේ.
පන්දුවාර 49ක් අවසානයේ ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 286ක් රැස්කරගනිමින් තරගයේ ජය ලැබීය.
එහිදී ආරම්භක පිතිකරුවන් වන Rahmanullah Gurbaz සහ Ibrahim Zadran ලකුණු 283ක ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට කටයුතු කළේ ය.
Ibrahim Zadran පන්දු 113ක දී හතරේ පහර 10ක් සමග ලකුණු 87ක් රැස් කළේ ය.
මෙම සුපිරි ජයත් සමග ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීයේ ය.



