අද 01න් පස්සේ මොකද වෙන්නේ කියලා දන්නවා ද? - ඔයා එළියට යන්න හිතනවා නම් මේ ගැනත් දැනගෙනම යන්න.. ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක් මෙන්න.

Department of Meteorology Weather
By krishani Dec 07, 2023 01:11 AM GMT
Report

අද (07) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද 01න් පස්සේ මොකද වෙන්නේ කියලා දන්නවා ද? - ඔයා එළියට යන්න හිතනවා නම් මේ ගැනත් දැනගෙනම යන්න.. ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක් මෙන්න. | Today Weather In Sri Lanka 7Th December 2023

මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම, මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

බස්නාහිර පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේ දී ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

අද 02න් පස්සෙ මොකද වෙන්නේ කියලා දන්නවා ද?. ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක් මෙන්න.

අද 02න් පස්සෙ මොකද වෙන්නේ කියලා දන්නවා ද?. ප්‍රදේශ රැසක ජනතාවට දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.