අද කාලගුණ අනාවැකිය දැනගන්න

Heat wave Weather Latest Headlines Sinhala news SriLanka - Puwath Puwath.lk
By R.rishma Aug 15, 2025 03:13 AM GMT
Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ උතුරු පළාත්වල ස්වල්ප වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක් පමණ තද සුළං හැමීමේ සම්භාවිතාවක් ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.