වැල්ලෙත් බඹර කැරකෙන ප්‍රබල ග්‍රහයෝගයක් - හැබැයි මෙන්න මේ ලග්නවලට මෙහෙමයි වෙන්නේ..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Jun 16, 2024 11:03 PM GMT
Report

🟢මේෂ

මේෂ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට අද ඉතාම ශුභ දිනයක් වේ. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි.ඔබගේ සිතුවිලි චංචල විම හේතුවෙන් ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී.සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

🟢වෘෂභ

වෘෂභ ලග්න හිමි ඔබ අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද ඇති විය හැකිය.ඒ මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝග ඇති විය හැකිය.ඒ බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.

🟢මිථුන

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වේ. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි.ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී. මවගෙන් බොහෝ සෙනෙහස ලබයි. හවුල් කටයුතුවලට ද ඉතාමත් යෝග්‍ය වේ. ව්‍යාපාරවල නිරත වන අයට අද යහපත් දවසක් වේ.

🟢කටක

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි.ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.

🟢සිංහ

අද දින ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි.කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.ව්‍යාපාරවල නිරත වන අයට අද යහපත් දවසක් වේ.

🟢කන්‍යා

අද ඔබට ඉතාම ශුභ දවසක් වේ. කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. සතුටින් කාලය ගෙවීමට හැකි වේ. කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී. මවගෙන් බොහෝ සෙනෙහස ලබයි.

🟢තුලා

අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. උදව් උපකාරද ඔබට ලැබෙයි. ඔබටත් උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.

🟢වෘශ්චික

අද ඔබට ශුභදායක නොවේ. සිත නිතර චංචල වේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

🟢ධනු

අද ඉතාමත් ශුභ දවසක් වේ. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

🟢මකර

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වේ.නමුත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. එමෙන්ම, ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.

🟢කුම්භ

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.එය ඔබේ මතු දියුණුවට පෑදේ.

🟢මීන

අද එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකිය.ඒ හේතුවෙන් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය.මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%