ලග්න කිහිපයකට අද එතරම් සුබ නෑ - හේතුව මෙන්න මේකයි..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Jun 09, 2024 11:08 PM GMT
Report

🟢මේෂ  

අද ඔබ කාගේත් සිත් දිනා ගනිමින් කටයුතු කරයි.ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනි.ඉන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ.ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.ඉගෙනුම ලබන අයට යහපත්ය.

🟢වෘෂභ

අද ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කරයි. යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වේ.නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි.

🟢මිථුන 

අද ඉතාම ශුභ දවසක්.හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය.ඉතා සතුටින් කාලය ගෙවීමට හැකි වේ. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි.

🟢කටක

අද ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි.ඔවුන්ගේ උදව් උපකාරද ලැබෙයි. උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

🟢සිංහ 

අද ඔබට ශුභදායක නොවේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි.

🟢කන්‍යා

කන්‍යා ලග්න හිමි ඔබට අද ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වේ. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

🟢තුලා

ඔබට අද ඉතාමත් ශුභ දිනයකී. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වේ. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යයි. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද ලැබේ.සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ.

🟢වෘශ්චික

වෘශ්චික ලග්න හිමි ඔබට අද දියුණුවේ දොරගුලු විවර වේ.උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.එය ඔබේ මතු දියුණුවට පෑදේ.

🟢ධනු

අද ඔබට එතරම් යහපත් දිනයක් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ.දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ.

🟢මකර

අද විවාහ අපේක්ෂකයන්ට ශුභ දිනයක් වේ. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ. ඉගෙනුම ලබන අයට යහපත්ය.

🟢කුම්භ

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.ඉගෙනුම ලබන අයට යහපත්ය.

🟢මීන

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි.උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. ඉගෙනුම ලබන අයට යහපත්ය. නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%