ලග්න 04කට අද සුබ නෑ.. හේතුව මෙන්න මේකයි.. ඔයාගේ ලග්නයත් ඒ අතරෙ ද කියලා දැන්ම බලන්න..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Jul 22, 2024 11:15 PM GMT
Report

🟢මේෂ

මේෂ ලග්න හිමි ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ සහයෝගය ලැබෙයි.එමෙන්ම ඔබට වස්තුව සහ සැප සම්පත් ලැබෙයි.කොහොම වුනත් හැමතින්ම වාසනාවන්ත දිනයක් වේ.කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ වීමට සිත ඇති වේ.

🟢වෘෂභ

වෘෂභ ලග්න හිමි ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි.ඒ වගේම හැම අතින්ම වාසනාවන්ත දිනයක් වෙනවා.සැමගේ මනා සහයෝගය ලැබෙයි. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. චන්ද්‍රයා ඔබගේ මකර රාශියේ ගෝචරය වේ. චන්ද්‍රයාට මකර රාශිය සතුරු රාශියක් වීම හේතුවෙන් ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත.

🟢මිථුන

ඔබට අද එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත් විය යුතුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ ඇත.

🟢කටක

කටක ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට ශුභ දිනයක් වේ. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකිය. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි.

🟢සිංහ

අද ඔබ අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත.ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකිය. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.

🟢කන්‍යා

කන්‍යා ලග්න හිමි ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩි වේ.තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමිය.උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි.

🟢තුලා

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගනී.එයින් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත. අධ්‍යාත්මික සුවයට වඩා ලෞකික දියුණුව ගැන සිතා කටයුතු කරයි.

🟢වෘශ්චික

අද දිනයේ ඔබ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඉඩ ඇත. ඔබගේ පරාර්ථකාමී සිතුවිලි පහව යනු ඇත.ව්‍යාපාරවලින් දියුණු වේ.

🟢ධනු

අද ඔබට ඉතාම ශුභ දිනයක් වේ.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩු පාඩුවක් ඇති නොවේ. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවයි.

🟢මකර

අද ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. ඔවුන්ගේ උදව් උපකාරද ඔබට ලැබෙයි. උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

🟢කුම්භ

අද ඔබට ශුභ දිනයක් නොවේ. දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය.එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

🟢මීන

අද ඔබට ඉතාමත් ශුභ දිනයක් වේ. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.සතුරන් ඇතිවීමට ඉඩ ඇත.