මේ දේ ගැන නම් ඔබ අද අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතුය - හැබැයි මෙහෙමයි..

Astrology Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Feb 12, 2024 12:01 AM GMT
Report

මේ දේ ගැන නම් ඔබ අද අනිවාර්යයෙන්ම ප්‍රවේශම් විය යුතුය - හැබැයි මෙහෙමයි.. | Today Jothishya Lagna Palapala 12Th February 2024

🟢මේෂ

අද ඔබට ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වේ. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාව ද ලැබේ.සමාජශීලී වේ. ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්ත ගැන සිත යොමු වේ.

🟢වෘෂභ

ඔබට යහපත් ප්‍රථිඵල ලැබෙයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ.ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක් වේ.ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ.

🟢මිථුන

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.

🟢කටක

ඔබේ දියුණුවේ දොරගුලු විවර වේ.ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වේ.එය ඔබේ මතු දියුණුවට පෑදේ.ගුරු වෘත්තියෙහි හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ.නිරෝගී භාවය ඇති වේ.

🟢සිංහ

විවාහ අපේක්ෂකයන්ට අද ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ.

🟢කන්‍යා

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකිය.

🟢තුලා

ඉගෙන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි.උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය. අලුත් දේ සොයා ගැනීමට තරම් උනන්දුව, ඥාණවන්ත බව සහ ගවේශනශීලී බව දියුණු වේ.

🟢වෘශ්චික

ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ.ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ.

🟢ධනු

දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත.බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

🟢මකර

අද ඔබට ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේ දී ඔබට අවස්ථාව සැළ සේ.

🟢කුම්භ

ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි.ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමිය. උසස් සිතුවිලි ඇති වේ. ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

🟢මීන

අද ඔබට ශුභදායක නොවේ.සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. ඔබට ගුණ යහපත්කමින් යුතු අනුකම්පා සහගත සිත් පහළ වේ. අලුත් දේ සොයා ගැනීමට තරම් උනන්දුව, ඥාණවන්ත බව සහ ගවේශනශීලී බව දියුණු වේ.