"අද ඔබ ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය - හේතුව මොකක්ද දන්නව ද?." ඔයාගෙ ලග්නයටත් කොහොමද කියලා දැන්ම බලලම ඉන්න..

Lagna Palapala Jothishya Lagna Latest Headlines
By krishani Mar 10, 2024 11:59 PM GMT
Report

"අද ඔබ ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය - හේතුව මොකක්ද දන්නව ද?." ඔයාගෙ ලග්නයටත් කොහොමද කියලා දැන්ම බලලම ඉන්න.. | Today Jothishya Lagna Palapala 11Th March 2024

🟢මේෂ

අද ඔබට ශුභදායක නොවූ දිනයකී.සිත  නිතර චංචල වේ.දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.ලෞකික සැපයට සහ සුපෝඛභෝගී දිවියකට ආශා කරයි.

🟢වෘෂභ

අද ඔබට ඉතාමත් ශුභය.සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ.ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබෙයි.ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

🟢මිථුන

ඔබට අද යහපත් ප්‍රථිඵල ලැබෙයි.ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබෙයි.සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ලැබෙයි.ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක් ද වේ.

🟢කටක

ඔබගේ දියුණුවේ දොරගුලු විවර වේ. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි.ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ.ලෞකික සැපයට සහ සුපෝඛභෝගී දිවියකට ආශා කරයි.

🟢සිංහ

අද ඔබට එතරම් යහපත් නොවේ. ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකිය.ඒ හේතුවෙන් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්විය යුතුය.ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ ඇත.යහපත්, අනුකම්පා සහගත, සංවේදී සිත් පහළ වෙයි.

🟢කන්‍යා

විවාහ අපේක්ෂකයන්ට අද ශුභය.නමුත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකි‍ය.ඔබගේ සිතුවිලි චංචල වේ.ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ඇත.

🟢තුලා

අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් ඇති විය හැකිය.ඒ හේතුවෙන් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකිය. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇත.ඒ බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය.

🟢වෘශ්චික

ඉගෙනන ගන්නා අයගේ උනන්දුව අද වැඩි වේ. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකිය. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.අනුකම්පා සහගත, සංවේදී සිත් පහළ වෙයි. කලාවට සාහිත්‍යට ප්‍රිය සෞන්දර්යවාදී අදහස් මතු වෙයි. නම්‍යශීලී අදහස් දරයි.

🟢ධනු

ඔබට අද මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙයි.ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ.සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.යහපත්, අනුකම්පා සහගත, සංවේදී සිත් පහළ වෙයි.

🟢මකර

ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි.කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් වාසනාව ලැබේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට වැඩි ඉඩක් ඇත.යහපත්, අනුකම්පා සහගත, සංවේදී සිත් පහළ වෙයි. රළු දේවලට ප්‍රිය නොකරයි. 

🟢කුම්භ

අද ඔබට ඉතාම ශුභය.කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. පවුලේ අය සමග සතුටින් කාලය ගෙවීමට අද දිනයේ දී ඔබට අවස්ථාව සැළසේ. කලාවට සාහිත්‍යට ප්‍රිය සෞන්දර්යවාදී අදහස් මතු වෙයි.

🟢මීන

ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙයි. ඔවුනගේ උදව් උපකාරද ඔබට ලැබෙයි. උසස් සිතුවිලි ඇති වේ.ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ඇත.අද ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ. යහපත්, අනුකම්පා සහගත, සංවේදී සිත් පහළ වෙයි.