"..පොලීසියත් STF එකත් මොවුන් පසුපස හඹා යනවා.." පොලිස් ඇමති සිදුකළ විශේෂ ප්‍රකාශය..

CID - Sri Lanka Police Tiran Alles Sri Lanka Police Investigation Ministry of Defense Sri Lanka Ministry Of Public Security
By Sewvandhi Jul 18, 2024 08:18 AM GMT
Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ, රටේ විවිධ ස්ථානවල සිදුවන වෙඩිතැබීමේ සිද්ධිවලට හේතුව යුද සමයෙන් පසුව ගිනිඅවි තවමත් සමාජයේ සංසරණය වීම බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (18) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, ඔහු මේ බව සඳහන් කළා.

"දැන් ඊයේ පෙරේදා කට්ටිය කිව්වා මොනවා කිව්වත් දෙයක් වෙලා නෑ කියලා. මොනවා කරත් කිසිම දෙයක් නොවුණ විදියට තමා කතා කරන්නේ. මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා. යන්න ගමින් ගමට යන්න. නගරයෙන් නගරයට යන්න. ගිහින් අහන්න මහජනතාවගෙන් ඉස්සර වගේම කුඩු තියෙනවා ද? ඉස්සර වගේම පාතාලේ ක්‍රියාත්මක වෙනවා ද? එතකොට හරි තත්ත්වය බලාගන්න පුළුවන්.

මම කියන්නේ කුඩු විකුණන අයට සහ පාතාලේ අයට අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. පොලීසියත් STF එකත් මොවුන් පසුපස හඹා යනවා. කොහේ හිටියත් අල්ලනවා. අතුරුගිරිය සිද්ධියේ අපි අත්අඩංගුවට ගත යුතු බොහෝ දෙනා අරන් තියෙන්නේ. මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. ඇඹිලිපිටියේ වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සහ රයිඩ යන දෙන්නම අත්අඩංගුවට ගත්තා. අම්බලන්ගොඩ වෙඩිතැබීමේ ඊයේ වෙද්දි අත්අඩංගුවට අරන් ඉවරයි. සිද්ධිය වෙන එක නවත්ත ගන්න බැරි වෙන්නේ එල්.ටී.ටී.ඊ යුද්ධයෙන් පස්සේ එළියට ගිය ආයුධ තියෙන්නේ."