මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිස් ලොක්කන්ට දැඩි උපදෙස් ..
මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා අද (16) උපදෙස් දෙනු ලැබීය.
සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට පුද්ගල තරාතිරම නොබලා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කළේය.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු ප්‍රදේශ නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා අමාත්‍යවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.
පොලිස්පති සී. ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |