මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිගෙන් විශේෂ නිවේදනයක්..!

Sri Lanka Politician Tiran Alles Ministry of Defense Sri Lanka
By Sewvandhi May 21, 2022 01:30 PM GMT
Report

පොලිස්පති සී ඩී වික්‍රමරත්න අනිවාර්ය නිවාඩු යවා ඇති බව සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පලවන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

සමාජ මාධ්‍ය හරහා සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කීපයක, පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක්, යනුවෙන් පළ වන වාර්තා සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය අමාත්‍යවරයා සම්බන්ධ කරගත් අතර ඔහු එහිදී කියා සිටියේ එම තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

මේ අතර පොලිස්පති සීඩී වික්‍රමරත්න මේ වන විට මේ වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙනවා.

ඒ පසුගිය නව වැනිදා කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගනයේ අරගලය සාමකාමි විරෝධතා ව්‍යාපාරයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ අණදෙන නිළධාවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වනවිට ප්‍රකාශයක් ලබාදෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now