එල්ලා වැටෙන පියයුරු හැඩ කරන Tips.

By Wayomi Oct 11, 2022 12:11 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පියයුරු කියන්නේ කාන්තාවකගේ සුන්දරත්වය ඉස්මතු කරන විශේෂ ඉන්ද්‍රියක්. නමුත් කාලයක් යද්දී විවිධ හේතු සාධක මත මේ පියයුරු එල්ලා වැටීමේ තත්ත්වයක් ඇති වෙනවා. මේ ගැටළුව අද බොහෝ කාන්තාවන්ට තියෙන පොදු ගැටළුවක්. මෙය කාන්තාවගේ ලස්සනට සුන්දරත්වයට බාධාවක්. ඉතින් මේ කියන්න යන්නේ පියයුරු එල්ලා වැටීම පාලනය කරන ක්‍රම කිහිපයක් ගැනයි.

පියයුරු එල්ලා වැටීමට හේතු

🟣 ජානමය සාධක

🟣 මව්කිරි දීම

🟣 ශරීරයේ බර වැඩිවීම ඇතිවන හෝර්මෝන අසමතුලිතා

🟣 වැඩි කාලයක් යට ඇදුම් ඇද නොසිටීම

🟣 ව්‍යායාම් හෝ ක්‍රීඩා සිදු කිරීමේදී පියයුරු සඳහා සුවිශේෂී වූ යට ඇදුම් නොපැළදීම. 

මේ පියයුරු එල්ලා වැටීමක් 100% ක්ම යථා තත්ත්වයට පත්කර ගන්නට නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඒ හැරුණාම ඒ තත්ත්වය පාලනය කර ගන්න නම් මේ දේවල් කරලා බලන්න.


සම්බාහනය

🔅 නිවසේදී ඔබට සිදුකළ හැකි සරල සහ හොඳම විසඳුමක් තමයි සම්බාහනය.

🔅 මේ සඳහා ඉතා පිරිසිදු ඔලිව් තෙල් භාවිතා කරන්නට පුළුවන්.

🔅 ඔලිව් තෙල් පියයුරු වටා රවුම් ආකාරයට ආලේප කරලා උඩු අතට සම්බාහනය කරන්න.

🔅 එමගින් පියයුරු ඔසවා සිටිමට උපකාරී වෙන මාංශපේශී ශක්තිමත් වීම සිදු වෙනවා.

🔅 මෙහිදී පියයුරුවලට යටින් ඇති සම වගේම කිහිල්ල ප්‍රදේශය ආදී පියයුරු වටා ප්‍රදේශයේ මාංශපේශීත් රවුම් ආකාරයට විනාඩි 15 ක් පමණ කාලයක් හොඳින් සම්බාහනය කිරීම කළ යුතුයි.


අයිස් සත්කාරය

🔅 අයිස් කැටයක් මගින් පියයුරු වටා හොඳින් සම්බාහනය කිරීම මගින් පියයුරු එල්ලා වැටීමට හේතුවන මාංශපේශී හැකිළීමට ලක් කරනවා.

🔅 එය විනාඩි 2 ක කාලයක් පමණ දිනපතා සිදු කිරීම මගින් පියයුරු එල්ලා වැටීම අඩුකර ගන්නට හැකියාව ලැබෙනවා.


උළුහාල් සත්කාරය

🔅 උළුහාල් තේ හැදි 2 ක් ගෙන එය කුඩු කර ජලය තේ හැදි 2 ක් පමණ එකතු කරගෙන තලපයක් වන සේ සකස් කර ගන්න.

🔅 මේ ආලේපය පියයුරුවල හොඳින් ආලේප කර උඩු අතට මසාජ් කරන්න විනාඩි 10 ක කාලයක් පමණ.

🔅 ඉන්පසුව මේ ආලේපය වියළෙන්නට තබා සෝදා හරින්න.


ඔලිව් තෙල් සහ උළුහාල් සත්කාරය

🔅 මේ සඳහා පිරිසිදු ඔලිව් තෙල් තෙල් කප් භාගයක් සහ උළුහාල් තේ හැදි 2 අවශ්‍ය වෙනවා.

🔅මේ ද්‍රව්‍ය දෙක මද ගින්නෙන් රත්කර ගෙන හොඳින් නිවුණු පසු බෝතලයක දමා ගන්න.

🔅 මෙය මාසයක පමණ කාලයක් තබා ගෙන භාවිතා කරන්නට හැකියාව තියෙනවා.

🔅 මෙය රාත්‍රී නින්දට යාමට පෙර ආලේපය පියයුරු මත ආලේප කර හොඳින්ම සම්බාහනය කර සෝදා හරින්න.


බිත්තර සුදු මදය

🔅 බිත්තර සුදු මදය සහ කෝමාරිකා මදය තේ හැදි 1 ක් පමණ ගෙන පෙණ ඇති වනතුරු බීට් කර ගන්න.

🔅 පසුව එය පියයුරු මත හොඳින් ආලේප කර සම්බාහනය කර විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.


දිනපතා යෝගා අභ්‍යාස සිදු කිරීම

🔅 පපු ප්‍රදේශයේ ඇති මාංශපේශී ශක්තිමත් කිරීම සඳහා උපකාරී වෙන යෝගා අභ්‍යාස මගින් පියයුරු එල්ලා වැටීම වළක්වා ගන්නට හැකියාව තියෙනවා.

🔅 මේ සඳහා අත්දෙක පිටුපසට කරමින් ආයුබෝවන් කියන ආකාරයට අත්දෙක තබා ගන්න.

🔅 මෙය තත්පර 30 ක් පමණ කාලයක් සිදු කරන්න.

🔅 ඒ හැරුණාම හස්ත උට්ටාසනය, ටාලාසන, ගර්ඩාසනය, පශ්චිමෝතානාසනය, චක්‍රාසනය , වීර භ්‍යාසනය ආදී සුදුසු

🔅 යෝගා අභ්‍යාස සිදු කිරීම මගින් මේ පියයුරු එල්ලා වැටීම අවම කරගන්න පුළුවන්.


දිනපතා ව්‍යායාම් කිරීම

🔅මේ පියයුරු එල්ලා වැටීම වළකා මාංශපේශී ශක්තිමත් කරන ව්‍යායාම් තෝරාගෙන දිනපතා සිදු කිරීමෙන් මේ පියයුරු එල්ලා වැටීම අවම කර ගන්නට හැකියාව ලැබෙනවා.


ඊට අමතරව,

🔅 දිනපතා විටමින් ඇතුළු පෝෂණීය ආහාර ලබා ගැනීම.

🔅 බර පාලනය කිරීම

🔅 සුවදායි නින්දක් ලබා ගැනීම

🔅 පියයුරු සඳහා සුදුසු යට ඇදුම් තෝරා ගැනීම සහ හැකි සෑම අවස්ථාවකම යට ඇදුම් ඇදීම. නින්දට යාමේදී පමණක් යට ඇදුම නොමැතිව නිදා ගත්තට ගැටළුවක් නැහැ.

🔅 ක්‍රීඩා හෝ ව්‍යායාම් කිරීමේදී ඒ සඳහා ගැළපෙන යට ඇදුමක් (Sport Bra ) භාවිතා කිරීම.   

https://www.healthline.com/health/womens-health/do-your-breasts-hurt-when-they-grow

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW