සිරුරේ බර වැඩි වෙන්නේ නැතිව දිගටම පාලනය කරන Tips 10ක්.
අධි බර හා තරබාරුව කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් මුහුණ දී ඇති ගැටළුවක්. ඊට පස්සේ ඉතින් කෑම පාලනය කරලා, ව්‍යායාම කරලා සුන්දර ස්ලිම් සිරුරක් හදාගන්නවා. හැබැයි ඉතින් ටික කාලයක් යනකොට ආයේ ආරලා එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ තත්වයන් මඟ හරවා ගන්න නම් මෙන්න මේ දේවල් ටික පුරුද්දක් විදිහට දෛනික ජීවිතයට එකතු කරගන්න.
? දිනපතා සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් ගැනීමෙන් ඔබට අධික කුසගින්න සහ දිවා කාලයේදී අධික ලෙස ආහාර ගැනීම පාලනය කරගන්න පුළුවන්.
? සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් නියමිත වේලාවට ගැනීම කැලරි වේගයෙන් දහනය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර අනුභව කිරීමට ඇති පෙළඹවීම අඩු කරනවා.
? දිනකට අවම වශයෙන් ආහාර වේල් 3 ක් සහ සුළු කෑම 2 ක් වත් ආහාරයට ගන්න. ඒ වගේම ඔබේ ආහාර වේල් අතර විවේකය පැය 3-4 නොඉක්මවිය යුතුයි.
? රාත්‍රියේදී ඔබේ මුළුතැන්ගෙය වැසීම, ඔබ රූපවාහිනිය නරඹන විට හෝ වෙනත් සාමාන්‍ය ක්‍රියාකාරකම් වල යෙදෙන අතරතුර මධ්‍යම රාත්‍රියේ ආහාර ගැනීමෙන් වළකින්න.
? ඔබේ චිත්තවේගීය ගැටළු හඳුනා ගැනීම සහ පාලනය කිරීම දුෂ්කර අවස්ථාවලදී ඔබව සන්සුන් කර ගැනීමට අධික ලෙස ආහාර අනුභව කරනවා වෙනුවට සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කරන්න.
? ඔබට ආහාර ගෙන ටික වේලාවකින් නැවත කුසගිනි දැනෙනවා නම් ජලය පානය කරන්න. සිරුරේ ඇති විෂ ඉක්මනින් පිට කිරීමට දිනකට වතුර වීදුරු 8 ක් පමණ පානය කරන්න.
? ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් ඔබේ ශරීරයේ ආතති හෝමෝන මට්ටම ඉහළ ගොස් අධික කුසගින්න සහ සීනි සහිත ආහාර ගන්න ආශාව ඇති වේවි. ඒ නිසා සෑම රාත්‍රියකම පැය 8 ක් පමණ නිදාගන්න. සවස එකම වේලාවට කෙටි නින්දක් ලබා ගන්න පුළුවන් නම් හොඳයි.
? පලතුරු ඉතා පෝෂ්‍යදායී වූවත්, ඒවායේ සෝඩා සහ සීනි විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා .ඒ නිසා ඒවා ප්‍රමාණය ඉක්මවා අධික ලෙස ආහාරයට ගැනීමෙන් වළකින්න.
? සාමාන්‍යයෙන් තන්තු ජීර්ණය වීමට වැඩි කාලයක් ගත වන බැවින් ඔබේ ආහාර වේලට තන්තු බහුල ලෙස ඇතුළත් කරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |