හිසරදය ගෙදරදීම මට්ටු කරන සරල ප්‍රතිකාර.

Headache Ministry of Health Sri Lanka
By Wayomi Aug 16, 2022 05:02 AM GMT
Report

හිසරදය තරම් එපා කරපු ලෙඩක් තවත් නැහැ. මේ හිසරදය හැදෙන්නෙත් එක එක විදිහට. ඉතින් මේ කියන්න හදන්නේ එක එක වෙලාවට එක එක විදිහට හැදෙන හිසරදය මට්ටු කරන සරල ප්‍රතිකාර කිහිපයක් ගැනයි.

? හොඳට වතුර බොන්න

? බෙල්ල පිටිපස දබර ඇඟිලි දෙකෙන් මසාජ් කරන්න.

? නළල දෙපස ඇඟිලි දෙකකින් දෙපැත්තම මසාජ් කරන්න.

? මින්ට් ටොෆියක් එක්ක වතුර ටිකක් බොන්න.

? පෙපර්මින්ට් තෙල් ටිකක් නළලෙයි, හකු පිටුපසයි කම්මුල් වලයි ආලේප කරගන්න. ඉන් පසු ඇස් පියාගෙන ගැඹුරින් හුස්ම ගන්න.

? මිරිස් කුඩු තේහැඳි කාලක් උණුවතුරෙ දිය කරන්න. එය කපු පුළුන් ටිකක් දමා පෙඟෙන්න හරින්න. දැවිල්ල දැනෙන්න, පුළුන් කෑල්ලක් නහයෙන් තියන්න.මිරිස්වල තියෙන කැප්සයිසින් නිසා වේදනාව අඩුකරනවා.

? ඒ වගේම ඔලුව කැක්කුමක් හැදීගෙන එද්දි ආමන්ඩ් අහුරක් හපන්න.

? ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප කාලක්, උණුවතුර කෝප්ප තුනකට දාලා ස්ටීම් කරන්න. ඊටපස්සෙ සීතල වතුර වීදුරුවක් පානය කරන්න.

? එළිමහනේ ටික වෙලාවක් ඇවිදින්න.

? අයිස් කැටයක් දෙකක් බෙල්ල පිටිපස්සට තියාගන්න.

? මානසිකව ප්‍රශ්න වලින් පෙළෙන කෙනෙක් නම් මනස relax කරගන්න පුළුවන් උත්සහ කරන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW