ඉකිලි කැසීමේ රෝගය දරුණු විය හැකිද? ඊට ප්‍රතිකාර මොනවද?

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Jul 01, 2022 06:13 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි ඉකිලි කැසීම. ඇත්තටම ඒ අපහසුතාවය මානසිකවත් වද දෙනවා. සමහරු බයට සහ ලැජ්ජාවට මේ ලෙඩේ හංගගෙන ඉන්නවා. හැබැයි තත්වේ දරුණු වෙන්න කලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහ ඉකිලි කැසීම ඇති වීමට බලපාන හේතු සාධක වළක්වා ගැනීම වැදගත්.  📍🛡️📌️

🛡️ මෙම ඉකිලි කැසීමේ රෝගය Tinea Cruris ලෙස හඳුන්වනවා.

🛡️ මෙහිදී ඉකිලිය ප්‍රදේශයේ කලවා ප්‍රදේශයේ උඩට වන්නට හා ලිංගික අවයව දෙපස ප්‍රදේශයේ තදබල කැසීමක් ඇතිවෙනවා.

🛡️ ඊට හේතු වන්නේ දිලීර කාණ්ඩයට අයත් විශබීජ වර්ගයක්. මේ දිලීර කාණ්ඩයට අයත් Dermatophyte කොටසට අයත් විශේෂය වන මෙය පුස් වර්ගයක්.

🛡️ එම පුස් වර්ග වර්ධනය වෙන්නට ඕන කරන්නේ තෙතමනය, අඳුර සහ යම් පෘෂ්ඨයක්.

🛡️ ඉකිලි කැසීම සඳහා හේතුවන දිලීර විශේෂය වන්නේ ringworm. 


රෝගය ඇති වීමට බලපාන හේතු

📌️ තදට යට ඇදුම් ඇදීම නිසා ඉකිලි ප්‍රදේශය කැපීම

📌️ දහදිය උරා නොගන්නා යට ඇදුම් භාවිතය

📌️ ඉකිලි ප්‍රදේශයට වැඩිපුර දහදිය දැමීම

📌️ දිලීරය ඇති අයෙක් භාවිතා කරන ලද යට ඇදුම් භාවිතය

📌️ පොදුවේ භාවිතා කරන කොමඩ් එකක් සහිත වැසිකිලි භාවිතය

📌️ මෙහිදී මේ දිලීර තත්ත්වය ඇති අයෙක් කොමඩ් එකේ වාඩිවීමෙන් ඒ දිලීරය කොමඩ් එකේ තැවරී තවත් අයෙකුට ස්පර්ශවීමෙන් බෝවිය හැකියි.   


රෝග ලක්ෂණ

📌️ සම රතුවීම

📌️ බිබිලි ඇතිවීම

📌️ කැසීම

📌️ දැවිල්ල

📌️ මුලදී ඉකිලිය ප්‍රදේශයෙන් කැසීම ආරම්භ වී පසුව එය කලවා ප්‍රදේශයට හා ගුදය ආශ්‍රිත ප්‍රදේශ හා ලිංගික අවයව ඇති ප්‍රදේශය දක්වා පැතිරීම

📌️ කසන විට කුඩු කුඩු ලෙස කොටස් හැළීයාම

📌️ සම පුපුරා ගිය ආකාරයක් දකින්නට ලැබීම

📌️ අදාල ප්‍රදේශයේ Candida නම් තවත් දිලීර වර්ගයක් ද ප්‍රති ආසාදනය විය හැකියි.

📌️ ක්‍රමයෙන් ඉකිලිය කළු වීම


රෝගය වළක්වා ගන්නේ කොහොමද?

📌️ ඉකිලිය අවට තෙතමනය අවම කර වියළි තත්ත්වයක් තබා ගැනීම.

📌️ නෑමෙන් පසුව සහ සේදීමෙන් පසුව දහදිය දැමීමෙන් පසුව ඉකිලිය ආශ්‍රිත ප්‍රදේශය වියළි තුවායකින් පිසදා ගැනීම. නැත්නම් ටිෂූ භාවිතා කරන්න.

📌️ ඉකිලි අවට පව්ඩර් දැමීමෙන් වියළි බව පවත්වා ගන්න පුළුවන්.

📌️ ඉකිලිය අවට කැසීම ඇති කරන යට ඇදුම් භාවිත නොකිරීම.

📌️ දහදිය උරා ගන්නා ශරීරයට පහසු කපු රෙදිවලින් මසන ලද යට ඇදුම් භාවිතා කරන්න.

📌️ යට ඇදුම් සේදීමේදී හැකි නම් ඒවා වතුරෙන් තම්බා ගන්න.

📌️ බොහෝවේලා එකම යට ඇදුම ඇදගෙන ඉන්න එපා.

📌️ තෙත ඇදුම් ඇදීමෙන් වැළකීම.

📌️ අධික ලෙස දහදිය දැමූ විට යට ඇදුම් මාරු කරන්න.

📌️ දිනපතා ඇදුම් සෝදන්න. ඒ සඳහා Rinso භාවිතා කරන්න එපා. පුළුවන් නම් බේබි සබන් වඩාත් සුදුසුයි.

📌️ ඒ වගේම යට ඇඳුම් washing machine එකට දාන්නේ නැතිව අතේ සෝදන්න. මොකද අනෙක් ඇදුම් වලත් විෂබීජ තැවරෙන්න පුළුවන්.

📌️ දිනපතා නාන්න.

📌️ ශරීරයේ තරබාරුව අඩුකර ගන්න.

📌️ දියවැඩියාව ඇත්නම් පාලනය කර ගන්න.

📌️ යට ඇදුම් පොදුවේ භාවිතා කරන්න එපා.

📌️ තද යට ඇදුම් ඇදීමෙන් වළකින්න.


ප්‍රතිකාර

📌️ මේ ඉකිලි ආශ්‍රිතව ඇතිවන කැසීම් තත්ත්වය නිසා වෛද්‍ය උපදෙස් ලබා නොගෙන ආලේපන වර්ග හෝ ඖෂධ වර්ග මිලදී ගන්න එපා. 

📌️ මේ රෝග තත්වය දිනකින් දෙකකින් සුව නොවන අතර සතියක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් වුවත් පවතින්න පුළුවන්.

📌️ ඖෂධ ගැනීමෙන් පමණක්ම මේ රෝගී තත්ත්වය සුවකරගත නොහැකි නිසා තමන්ගේ ශරීරයේ පිරිසිදු බව තම යට ඇදුම්, කොට්ට මෙට්ට ආදියේ පවා පිරිසිදුභාවය ඉතා වැදගත්.

📌️ ඉකිලි ඉතා හොඳින්ම පිරිසිදු කර පිරිසිදු වියළි තුවායකින් පිසදමන්න. නමුත් එය සිරුරේ අනෙක් ප්‍රදේශ පිසදැමීමට භාවිතා කරන්න එපා. 


ප්‍රතිකාර ගැනීම පමා වීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන්

📌️ ඉකිලිය අවට සම අළු පැහැවීම.

📌️ කැසීමේදී ඇතිවන බිබිලි පුපුරායාමෙන් ඒ මත විෂබීජ වර්ධනය වීම.

📌️ ඉකිලිය ප්‍රදේශයේ කුද්දැටි විශාල වීම.

📌️ ගුදය දක්වා සහ කලවා ප්‍රදේශය දක්වා දිලීරය වර්ධනය වීම.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග

JOIN NOW