පැය 24 බැලන්ස් කරන්න පුංචි Tips 6ක්.

By Wayomi Jul 12, 2022 12:08 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කාලය රන් හා සමානයි කියන්නේ කට කහනවට නෙවෙයි. ඔබටම තේරෙනවා ඇති දවසේ වැඩ ටික ඉවරකරන්න පැය 14 මදි කියලා. අයිස් ගහන අයට කෙසේ වෙතත් වැඩ කරන අය‍ට නම් ඒක හොඳටම දැනෙනවා. ඉතින් ගොඩක් අය කරන්නේ කරගන්න බැරි වැඩ ටිකක් කල් දම දමා අවසාන මොහොත වෙනකන්ම ඉන්න එක. හැබැයි ඔබට පුළුවන් දවසේ වැඩ ටික කාලය සමඟ කළමනාකරණය කරගන්න. මේ කියන්න යන්නේ දවසේ කාලය manage කරගන්න Tips කිහිපයක්.

⏳ මුලින්ම අත්‍යවශ්‍ය දේ කරලා ඉන්න. වැඩ ඔක්කොම ඔලුවේ පටවාගෙන ඉන්නේ නැතිව හදිසි වැඩ ටික තෝරා බේරාගෙන පිළිවෙලක් හදාගන්න. එතකොට මානසික ආතතියකින් තොරව වැඩ ටික කරගන්න පුළුවන්.

⏳ ඒ වගේම ඔයාට පුළුවන්, මං තමයි වැඩ්ඩා කියලා හිතාගෙන ඔක්කොම වැඩ බදා ගන්නේ නැතිව අනිත් කරන්න පුළුවන් වැඩ නම් එයාලටත් වැඩ පවරන්න.

⏳ වැඩ ටික කොටස් වලට බෙදාගන්න. කාලය යන ලොකු වැඩක් නම් වැඩේ කරන අතරතුර පොඩි විවේකයක් ගන්න. ඒ කියන්නේ මොනවා හරි පොඩි අතුපසක් කන්න, එහෙමත් නැත්නම් ටිකක් එහෙට මෙහෙට ඇවිදලා එන්න. නැත්නම් කොටස් කරගත් වෙන වැඩක් කරන්න. ඒ විදිහට කොටස් වලට කඩ කඩා වැඩේ ඉවර කරන්න පුළුවන්.

⏳ ඔක්කොම වැඩ ටික එකවර කරන්න යන්න එපා. එකක් කරලා ඉවර වෙලා අනිත් වැඩේ කරන්න. එතකොට වැඩ ටික චෝර වෙන්නේ නැහැ.

⏳ බාහිර සිදුවීම් නිසා කල යුතු දේ, වැඩ, රාජකාරි පැහැර හරින්න එපා. වැඩේ කරද්දී ඒ සිහියෙන් කරන්න පුරුදු වෙන්න.

⏳ වෙලාවට වැඩ නිම කල විට ඔබටම ත්‍යාගයක් ලබා දෙන්න. මොනවහරි කන්න උවමනා බව සිතන්න, නැත්නම් කොහේ හරි ඇවිදින්න යන්න, hobby එකක් කරන්න, ආදරණිය හමුවන්න වගේ දේවල් ගැන හිතන්න. එතකොට වැඩ ටික ඉබේම ඉක්මනට සිද්ධ වෙනවා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW