ටික් ටොක් කිරි සමන් ගේ Facebook එකට සිදු වූ දේ මෙන්න.(VIDEO)

Sri Lanka Facebook Technology Tik tok Tik tok Kiri saman
By Aruna Jan 26, 2022 03:16 AM GMT
Report

අත්අඩංගුවට ලක්වූ ටික් ටොක් සමාජ මාධ්‍යයේ කිරි සමන් ලෙස හඳුන්වන තරුණයා විසින් අපයෝජනයට ලක්කළ බව කියන 11 හැවිරිදි දැරිය ඇතුළු දැරියන් සිය ගණනකගේ ඡායාරූප පළ කර තිබූ ෆේස්බුක් පිටුවක් වහාම ක්‍රියාත්මක වන පරිදි අක්‍රීය කර තිබෙනවා.

ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත කළ දැනුම් දීමකට අනුව යි.

එමෙන්ම අදාළ ෆේස්බුක් පිටුව පවත්වාගෙන යන පුද්ගලයාව කැඳවා ප්‍රකාශ ලබා ගෙන ඇති අතර, ඡායාරූප ලබා ගැනීමට හා ඒවා සංස්කරණය කිරීමට යොදා ගත් කැමරා, පරිගණක ඇතුළු උපකරණ ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.

ඔහු පිළිබඳ අද අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිත බව යි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

රාජගිරිය - කළපළුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, කිරි සමන් නමින් ටික්-ටොක් මධ්‍යය ජාලයේ පෙනී සිටි අයෙකු වනවා.

එකොළොස් හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙනු යි ඔහු ව අත් අඩංගුවට ගැනුණේ.

දැරිය ව අවස්ථා කිහිපයක දී ම නිවසින් රැගෙන ගොස් මත්ද්‍රව්‍ය බොන්නට දී ඇය ව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා ගොනි වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now