ටික් ටොක් කම්පැනි එක ලගදීම ලංකාවට දෙන්න යන දේ මෙන්න..

TikTok Social Media
By Sithumini Aug 31, 2024 10:45 AM GMT
Report


ටික් ටොක් කියන්නේ මේ වෙද්දි ලංකාවේ බොහෝ දෙනෙක් සිය විනෝදාස්වාදය සදහා ආරම්භ කරපු දෙයක් වුණත් මේ වෙද්දි මුදල් උපයන ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තියෙන දෙයක්.

ඒ වගේම තමන්ගේ හැකියාව වැඩිදියුණු කරගන්නත් මේක වැදගත් වෙනවා.

ඉතින් පසුගිය දවසක ටික් ටොක් කම්පැනි එක ලංකාවට ඇවිත් ලංකාවේ තෝරාගත් ටික් ටොක් භාවිත කරන්නන් පිරිසකට වැඩමුළුවක් පැවැත්වුවා.

මේකට හේතුවුණේ ටික් ටොක් සමාගම ලංකාවට ඉදිරියේදි හදුන්වා දෙන්න නියමිත අංග කිහිපයක් පිළිබදව හදුන්වා දීමට.

ඉතින් ඒ තමයි TIK TOK Ads. මේ හරහා ලංකාවේ විවිධ ව්‍යවසායකයින්ට කුඩා ව්‍යාපාර කරන අයට තමන්ගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න හොද තෝතැන්නක් නිර්මාණය කරන්න ඔවුන් සූදානම් වෙනවා.

ඒ හරහා තමන්ගේ අන්තර්ගතයක් බූස්ට් කිරීම මගින් වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් වෙත රැගෙන යන්නට එමගින් හැකියාව තිබෙනවා. එහෙනම් ලගදිම ලංකාවට ටික් ටොක් ඇඩ්ස් එන්න නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ.