මද්දත් සමග ගසේ එල්ලුන කොටියා..(PHOTOS)
Nuwara Eliya
Sri Lanka
By Sewvandhi
මද්දකට හසු වු කදුකර කොටියකු මද්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි. හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්තේ සමර්හිල් කොටසේ තේ වත්තේ යුකෙලෙප්ස්ටික් ගසක අද දින කදුකර කොටියා සිර වි ඇත.
තේ වත්තේ සැරිසරන කදුකර කොටියන් සහ වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවන ලද මන්දකට හසු වු කදුකර කොටියා එම මන්ද කඩාගෙන දිවවිත් එය ගලවාගැනිමට ගසට නැග ඇති අතර, එහිදි කදුකර කොටියා ගසක මැද සිර වි ඇත.
ගස මැද සිර වි සිටින කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතාගේ සහයෝගයෙන් නිර්වින්දනය කර බිමට රැගෙන කදුකර කොටියාට ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

