රටේ නැති ත්‍රිපෝෂ ගෙදරදිම හදාගමු...
Sri Lanka
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Subodha
ත්‍රිපෝෂ කියන්නෙ අපේ පුංචි කාලෙ දිහා හැරිල බලද්දි අමතක කරන්න බැරි නමක්. ඒ වගේ ම රසක්. දැන් වැඩිහිටියො වෙලා ඉන්න, ඒ කාලෙ පොඩි ළමයින්ගෙ රස අතීතයෙ වැදගත් ම කොටසක්.රටේ මේ තියන තත්ත්වයත් එක්ක මේ දිනවල රටේ කිසිදු දරුවෙකුට හෝ ගර්භනී මව්වරුන්ට ත්‍රිපෝෂ හම්බ වෙන්නේ නෑ.
හැබැයි දැන් අරපෝෂ මේපෝෂ කියල ජාති ගොඩක් තිබුණට, එකමත් එක කාලෙක තිබුණෙ ත්‍රිපෝෂ කියල ජාතියක් විතරයි. මේක විශේෂයෙන් දුන්නෙ බර අඩු හෝ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට අතිරේක ආහාරයක් විදිහට. අපිට පුළුවන් ගෙදරදිම ත්‍රිපෝෂ හදාගන්න මෙන්න ක්‍රමය.
අවශ්‍ය දේවල්
- හාල් 100g
- තිරිගු ඇට 100 g
- මුං ඇට 100 g
- සෝයා 100 g
සාදන අයුරු
- සියලුම දේ මුලින් සෝදා වේලා ගන්න. ඊට පසු සියල්ලම කබලේ බැදගන්න . අනවශ්‍ය විදිහට කර කරගන්නට එපා . බ්ලේන්ඩර් ආධාරයෙන් හොදට පිටි වෙන්න කුඩු කරගෙන පෙනේරයකින් හලා ගන්න. දැන් සියල්ලම එකට මිශ්‍ර කර ගෙන වියළි බෝතලයක අසුරා ගන්න .
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |