"..මට අවුරුදු 5ක දුවෙක් ඉන්නවා, කාන්තාවක් වුනාම අම්මෙක්ගෙ අත්දැකීම ගන්නම ඕන.." (PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Oct 28, 2022 04:24 PM GMT
Report

රෝස පාට රේන්ජ් රෝවර් එක නිසා ජනප්‍රිය වුනු සුරූපි තරුණියක් තමයි ත්‍රිකලා ධරනී කියන්නේ. ඉතින් නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රධාන චරිතයන් අතරින් කෙනෙක් වන ත්‍රිකලාගේ ඇකඩමියක්ද මේ වන විට කරගෙන යනවා.

ඉතින් මෝටිවේශන් ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වෙන ත්‍රිකලාව අනුගමනය කරන තරුණියන් බොහෝමයකට ලොකු ආදර්ශයක් ඇය. ඇය සදහන් කරන ආකාරයට ඇයට මේ හැම දෙයකටම සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණේ විවාහයෙන් පසුවයි.

ඉතින් ඇගේ ජීවිතයේ පාසල් ශිෂ්‍යාවියක්, තරුණියක්, බිරිදක්, මවක් කියන සෑම අවධියක්ම ඇය පසු කලා. ඉතින් මේ අවධීන් සියල්ලෙන්ම ඇය වඩාත් කැමති සහ ප්‍රිය වෙන්නේ මවක් කියන භූමිකාවටයි. ඒ ගැන ත්‍රිකලා ධරනී අදහස් දැක්වූයේ මේ විදියටයි.

” මම මගේ ජීවිතේ අවධීන් තුළින් වැඩි පුරම ආසම සහ අභියෝගාත්මකම අවදිය විදියට දකින්නේ මවක් කියන භූමිකාවට. මට ඉන්නේ අවුරුදු පහක දුවෙක්. එයා ලැබුණු දවසෙ මට වගකීම් මහා ගොඩක් දැනුනා. කාන්තාවක් වුනාම මවකගෙ අත්දැකීම අනිවාරෙන්ම ලබා ගන්නම ඕන දෙයක්.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery