"..අදිත්‍යා මගේ පාසලේ දරුවෙක් වුනාට මම කලේ හරි දේ, කවුරු මොනවා කිවුවත් මාව වට්ටන්න බැහැ.."-ත්‍රිකලා ධරණි හඬ අවදි කරයි..(PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Sewvandhi Oct 24, 2022 04:19 PM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී නිරූපණ ශිල්පිනියක් වන ත්‍රිකලා ධරණිව බොහෝ දෙනෙක් හදුන්වන්නේ රෝස පැහැති රේන්ජ් රෝවර් රථයේ හිමිකාරිය කියලයි.

ඒ වගේම පසුගිය දිනවල ඇය පැවැත්වූ විලාසිතා දැක්මක් හේතුවෙන් ත්‍රිකලා ගැන වැඩි පුර කතාබහට ලක්වෙනවා. ඉතින් ඒ වගේම මේ නිසා ඇයට නිරූපණ ක්‍ෂේත්‍රයේම පිරිසකගෙන් දැඩි විවේචන එල්ල වෙලා තියනවාත් අපට දැකගන්න ලැබුණා.

ඉතින් ආදිත්‍යා වැලිවත්තට කිරුළක් පැළඳීම ගැන පහුගිය දවසක ඇය පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය දරුවන්ට Top Model by Thrikala Darani ආයතනයෙන් උගන්වන්නේ ජාත්‍යන්තර නිරූපණ ක්‍ෂේත්‍රයේ විෂය නිර්දේශය කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ඉගෙන ගත්තු ඇයට උගන්වපු ගුරුවරු ඇයට කියලා දුන්නාලු නිරූපණයට සහ ආධුනිකයෙක්ව ක්‍ෂේත්‍රයට යොදවනවා නම් ක්‍ෂේත්‍රයේ අතරමං නොවී ඉන්න යොදවන්න ඕනෑ කියලා.

ඒ වගේම ඇය මේ විදිහට ආසියාවෙ පළමු වතාවට තමයිලු ඍතු හතරම නිරූපිකාවෝ 250ක් RAMP කළේ. ඉතිං මේක ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක බවට පත්වීමත් සමගම ලංකාව තුළ ලොකු ආන්දෝලනාත්මක කතාබහක් ඇති වෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ආදිත්‍යා වැලිවත්ත කියන දරුවාත් අයැදුම් පත්‍රයක් යොමු කරලා සාමාන්‍ය දරුවෙක් විදිහට අයදුම් කරලා තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය පන්තිය පටන් ගන්නකොට තමයි දැනගත්තේ ආදිත්‍යා වැලිවත්ත කියන දරුවත් මෙවර පන්තියට ඉන්නවා කියලා.

ඒ වගේම ආදිත්‍යාට සෑහෙන දුර ගමනක් යන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඉතිං ආදිත්‍යත් පළමු දවසේ ඉඳලා සාමාන්‍ය දරුවෝ එක්ක එකට ඉඳලා මේ විෂය හැදෑරුව නිසාලු graduation එක දවසේ ආදිත්‍යා වැඩ පෙන්නුවේ.

ඒ වගේම ඇයට ගොඩක්ම මඩ ගහන්න ගත්තේ ක්ෂේත්‍රයේ හිටපු ප්‍රවීණයෝ කියලයි ඇය කියන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් මේ ක්ෂේත්‍රය ගොඩගන්න හදනකොට වගේම ජාත්‍යන්තර මට්ටමට ළඟාවෙන්න හදනකොට ඒකට කකුලෙන් අදින එක තමයිලු ගොඩක් අය කරන්න හදන්නේ.

ඉතින් ඒ විදිහට නිරූපණ ක්ෂේත්‍රයේ සදාකල් වැජඹෙන්න පිරිසක් උත්සාහ කරනවා කියලත් ඇය කියනවා. ඔවුන් අලුත් මුහුණුවලට එන්න දෙන්නේ නැහැලු. ඉතින් නිරූපණයට දරුවෝ 250ක් ඉන්නවා කියලා දැන ගත්තාට පස්සේ කට්ටියගේ ඇස් ඇරුණා කියලයි ඇය කියන්නේ.

හැබැයි දැන් මේක ලංකාවේ ලොකුම ෆැෂන් ෂෝ එක වුණාට පස්සේ තමයිලු ඔක්කොම ප්‍රශ්න. ඉතින් බල්ලො බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ වගේම ඇය කිසිසේත්ම වැටෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් දැන් ඇය කරන්නේ ඉදිරි පරම්පරාවේ ඇස් පාදන එක කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery