ත්‍රිරෝද රථ ගාස්තුත් වැඩි කරයි?..සංගමයෙන් දැනුම්දීමක්.

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Government Of Sri Lanka Businessman National Fuel Pass
By Aruna Sep 01, 2023 05:01 AM GMT
Report

ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කරනවා.

සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ, ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ දමා තවදුරටත් පීඩනයක් එල්ල කළ නොහැකි බවයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමුණු අතර, එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13 කින් වැඩි කරනු ලැබුවා.

මේ අතර, ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඩීසල් ලීටරයක මිල රු. 35 අද සිට ක්‍රියාත්මක වේ.

බස් ගාස්තු තීරණය කිරීමට යොදා ගන්නා සූත්‍රයට අනුව ඩීසල් මිල සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් සංශෝධනය වන්නේ නම් ඒ සඳහා සංශෝධනයක් කළ යුතුයි.

බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව NTC ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම වසරේ ජුලි 01 වැනි දින කිසිදු වෙනසක් සිදු නොකළද වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මාසයේදී සිදු කෙරේ.