06ක් සමග ත්රීරෝද රථයක් අඩි 150ක දරුණු ප්රපාතයකට පෙරළෙයි.. බිහිසුණු අනතුර මෙන්න..
කොස්ලන්ද වැල්ලවාය ප්රධාන මාර්ගයේ බිබිලේවෙල දේවාලයට නුදුරින් ත්රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්රපාතයකට පෙරලී යාමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවන් ඇතුලු පස්දෙනෙකු බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වනවා.
කොස්ලන්ද පොලිසිය පවසන්නේ, රත්නපුර පොත්ගුල් විහාර මාවතේ පදිංචි එච් .පී.. චම්පා නිලන්ති කරුණාරත්න (54) නැමති කාන්තාව මෙසේ මියගිය බවයි.
ත්රීරෝද රථය පැදවූ ත්රීරෝද රථ රියදුරු වැඩිදුර ප්රතිකාර සදහා මොණරාගල සිරිගල රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප්රකාශ කළා.
පොලිසිය සදහන් කළේ, මොවුන් එකම පවුලක පිරිසක් බවත් , රත්නපුර ප්රදේශයේ සිට කොස්ලන්ද ඌවමාවෙලගම හිවල්කදුර ප්රදේශයේ නෑදෑ නිවසකට යමින් සිටියදී මෙසේ ත්රීරෝද රථය අනතුරට පත්ව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්රීරෝද රථය තුළ හයදෙනෙකු ගමන් කර ඇති බවත් , ප්රපාතයකට පෙරලී ගිය ත්රීරෝද රථය වලකට වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.