රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙකු ඇප මත මුදාහැරේ
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් "හරක්කටා"ගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
සාධාරණ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි අතර, අද නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.