දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි - ඔබත් අවධානයෙන් පසුවන්න..

Sri Lanka
By krishani Oct 17, 2022 07:50 AM GMT
Report

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ,ඉංගිරිය,පාලින්දනුවර ,බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත් ,රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කලවාන ප්‍රදේශවලටත් නායයෑමේ රතු අවදානම් නිවේදන බලපැවැත්වෙයි.

කොළඹ ,කළුතර ,ගාල්ල ,නුවරඑළිය,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

අද (17) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙයි.