කටු මැටි ගෙපැලක තනිවුන දරුවන් තිදෙනා - නන්ගිටයි මල්ලිටයි කන්න දෙන්න කුලී වැඩවල යන 14 හැවිරිදි අයියා.. හදවත් සංවේදී කරවන පුවතක් මෙරටින්. (VIDEO)

Sri Lanka
By krishani Sep 08, 2023 08:24 PM GMT
Report

මව්පිය සෙනෙහස අහිමි වී තනි වූ දරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් පුවතක් කුරුණෑගල - ගිරිබාව ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔවුන් තිදෙනා මේ වන විට දැඩි ආර්ථික දුෂ්කරතා සහ විවිධ ගැටලු සහිතව ජිවත් වේ.

එම දරුවන් තිදෙනා වයස අවුරුදු 5, 7 සහ 14 වයස්වල පසු වන අතර කටුමැටි ගෙපැලක තනිව ජීවත් වේ.

පියා අහිමි වූ මොවුන්ට ඇති වූ දුෂ්කරතා මත මව ද කුවේට් රාජ්‍යයේ විදේශ රැකියාවකට ගොස් තිබෙනවා.

පාසල් යාමටවත් නොහැකි තත්ත්වයකට පත්ව ඇති මොවුන්ගේ මව ද කුවෙට් වල  අතරමංව සිටින බවයි සඳහන් වන්නේ.

විදේශ රටක සිර වී සිටින තම මව මෙරටට ගෙන්වා දෙන ලෙස මෙම දරුවන්ගේ එකම ඉල්ලීම වන අතර ජිවත් වීම සඳහා මෙන්ම තම බාල සොහොයුරා සහ සොහොයුරිය රැක බලා ගැනීමට සිදුව ඇති 14 හැවිරිදි පිරිමි දරුවා කුලී රැකියාවන් වල නිරත වෙමින් සිටියි.

කෙසේ වෙතත්, තමන් රැකියාවක් බලාපොරොත්තුවෙන් විදෙස් ගතව වුව ද එය නොලැබීම හේතුවෙන් දැඩි අසරණභාවයට පත්ව ඇති බව ඔවුන්ගේ මව කියා සිටියේ ය.

"සිසුන්ට පන්ති කාමරයේ නිදාගන්න ඕන නම් මුදල් ගෙවන්න.." - දෙමාපියනුත් කම්පාවට පත් වෙලා..

"සිසුන්ට පන්ති කාමරයේ නිදාගන්න ඕන නම් මුදල් ගෙවන්න.." - දෙමාපියනුත් කම්පාවට පත් වෙලා..


විෂ ඝෝර සර්පයන් 70ක් ගුවනින් ගිහින් - මියගිය වඳුරු පැටව්නුත් ඒ අතර..

විෂ ඝෝර සර්පයන් 70ක් ගුවනින් ගිහින් - මියගිය වඳුරු පැටව්නුත් ඒ අතර..


විඩියෝ දර්ශන - Hiru News YouTube Channel