හාමුදුරුවන්ට සහ කාන්තාවන් දෙදෙනාට පහර දුන්නන් රිමාන්ඩ්..!
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට පහරදෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර ඊට අදාළ පහරදීම සිදුකරන පුද්ගලයන් මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 08ක් වන අතර, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ලබන මස 12වනදා දක්වායි.
මේ අතර, අදාළ වීඩියෝපටය සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති පුද්ගලයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
මේ අතර සිද්ධියට මුහුණ දුන් කාන්තාවන් දෙදෙනා මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.