පාට භේදයක් නැතිව Handsome කොල්ලෙක් වෙන්නේ මෙහෙමයි.

By Wayomi Aug 23, 2022 05:13 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කොල්ලෝ ආස handsome වෙන්න. මේකට කළු, තලෙළු, සුදු කියලා භේදයක් නැහැ. ඒ වගේම උස, මිටි, මහත, කෙට්ටු කියලා භේදයකින් තොරව ඕනෑම කොල්ලෙක්ට පුළුවන් handsome වෙන්න. ඒක එච්චරටම අමාරු වැඩක් නෙවෙයි. මෙන්න මේ Tips ටික කරලා බලන්න.

කලවැද්දෙක් වගේ ඉන්න එපා.

? කොල්ලෝ කියලා කලවැද්දෙක් වගේ ඉන්න එපා.

? කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලොත් fashion කරන්න ඕන. එහෙමයි කියලා චිම්පන්සියෙක් වගේ ඇඟ වැහෙන්න කොණ්ඩය වවාගෙන ඉන්න එපා.

? කොණ්ඩය වැව්වත්, කැපුවත් ඒක fashion එකකට කරන්න.

? ඔයාගේ මුහුණේ හැඩයට, සිරුරේ පෙනුමට ගැළපෙන, පෞර්ෂත්වයක්, handsome look එක්ක පෙනෙන hairstyle එකක් දාන්න.

? ඒ වගේම හිසට හොඳට තෙල් සාතුවක් කරන්න.

? shampoo සහ conditioner යොදා නාද්දී කොණ්ඩය පිරිසිදු කරන්න.

? දිනපතා කොණ්ඩය පීරන්න.


රැවුල වවාගෙන මහ උජාරුවට ඉන්න එපා.

? දැන් කොල්ලොන්ගේ trend එක වෙලා තියෙන්නේ රැවුල වවන එක.

? කොල්ලෝ වුණත් කැමති පොඩ්ඩක් හෝ රැවුල තියෙන කොල්ලන්ට.

? එක එක style වලට රැවුල කපන්වනේ. බැහැයි ඒ විතරක් මදි ඒකට හොඳ සාතුවකුත් ඕන.

? හැමදාම මුහුණ සෝදලා බියර්ඩ් ඔයිල් එකක් ගාලා පිරිමදින්න.

? ඒ වගේම ඕනවට වඩා රැවුල වාගේ නම් ඉන්න එපා.


පපුවේ රෝම ඉවත් කරනවද?

? සමහර කොල්ලෝ ඉන්නවා පිටේ, පපුවේ, කකුල් වල, අත් වල ඝන රෝම කූප ට්‍රිම් කරලා, වැක්ස් කරලා ඉවත් කරනවා.

? හැබැයි ඇඟේ පොඩ්ඩක් රෝම තිබුණට කමක් නැහැ.

? මොකද ඒවායෙන් තමයි කෙල්ලෝ පිරිමිකම මනින්නේ.

? handsome look ඇති වෙන්න නම් ඒවත් බලපානවා.

? ඕනම නම් ඇහි බැම ගානට ශේප් කරගන්න.


නියපොතු කපලා දත් මදින්න පුරුදු වෙන්න

? දත් මදිද්දී brush එක එහාට මෙහාට වනලා විතරක් මදි. දත් හොඳට මදින්න ඕන.

? උදේට විතරක් නෙවෙයි රෑටත් මදින්න පුරුදු වෙන්න. දන්ත සෞඛ්‍ය ගැනත් වැඩි සැළකිල්ලක් දක්වන්න.

? ඒ වගේම අත්වල, කකුල් වල නියපොතු කපලා පිළිවෙලට තියාගන්න අමතක කරන්නත් එපා. කොල්ලෝ නාන්න හොරයි

? සමහර කොල්ලෝ නාන්න හරි හොරයි.

? තවත් සමහරු බාගෙට නානවා හරියට කුණුවත් අතුල්ලන්නේ නැහැ.

? හැබැයි handsome වෙන්න නම් එහෙම කරලා බැහැ.

? හොඳට කුණු අතුල්ලලා නාන්න පුරුදු වෙන්න. හැමදේටම පිරිසිදුකම බලපානවා.

? සමට ගැලපෙන facewash එක්ක දාලා මුහුණ හොඳින් පිරිසිදු කරගන්න අමතක කරන්න එපා.


ඇඟ හදාගන්න try කරන්න.

? උදේට හෝ හවසට ටිකක් දුවන්න. workout කරන්න.

? නැති නම් ඇඟ වෙහෙසලා ගෙදරදොරේ වැඩ හරි කරන්න.

? handsome වෙන්න නම් ඔයාගේ ඇඟේ හැඩය ගැනත් සිතීම අනිවාර්යයි.

? අනම් මනම් කඩචෝරු කකා බිබී එකතැන හිටියොත් ඔයාට උරුම වෙන්නේ තඩි බඩක් විතරයි.

?ඒ නිසා නිතරම ඇඟ ටිකක් වෙහෙසෙන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW