දේවාල වලදී නළලේ ආලේප කරන තින්නෝරු පහළ වන හැටි. ( PHOTOS)
ලංකාවේ, ඉන්දියාවේ හෝ ලෝකයේ ඕනෑම දේවාලයකට, කෝවිලකට ගියොත් බැතිමතුන්ට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කර නළලේ ආලේප කරන පවුඩර් වගේ, පිටි කුඩු එකක් තියෙනවා නේද? මේකට කියන්නේ තින්නෝරු කියලා. ඊට අමතරව විභූති, පරහද යන නම් වලිනුත් හඳුන්වනවා.
නමුත් ඔබ දන්නවද?
? තින්නෝරු හෙවත් විභූති නම් සුදු පැහැති පිටි කියන්නේ පාෂාණයක්.
? මෙම පාෂාණ කුඩු ලොව ස්වාභාවිකවම ලැබෙන එකම ස්ථානය තියෙන්නේ කතරගම විතරයි.
? කතරගම වැසියන්ගේ විශ්වාස කරන්නේ තින්නෝරු කතරගමදී ස්වභාවිකව හට ගැනීම දේව හාස්කමක් ලෙසයි.
? කතරගමින් තමයි ශ්‍රී ලංකාවේ අනෙක් දේවාල සහ කෝවිල් වලට මේ තින්නෝරු බෙදා හරින්නේ.
ඉන්දියාවේ නම්,
? තින්නෝරු වෙනම නිපදවා ගන්නවා.
? ඒ, වියළා ගත් ගොම මතට පිදුරු දමා හොඳින් ගිනි අවුළුවා ගැනීමෙන් පසු එකතු වන අළුවලින්.
? එය තැනීමත් පුජනීය කාර්යයක් ලෙස සිදු කරන්නේ වේද මන්ත්‍ර ගායනා කරමින්.
? පසුව එම තින්නෝරු පැකට් කර විකිණීමත් සිදු කරනවා.
තින්නෝරු කන්ද
? සෑම වසරකම කතරගම ඇසළ මංගල්‍ය ආසන්න වන ජුනි - ජූලි මාසය වලදී තින්නෝරු ලෙස හඳුන්වන ද්‍රව්‍යය පොළොවේ හට ගන්නවා.
? තින්නේරු පිහිටි බිම තියෙන්නේ, කතරගම වැඩිහිටි කන්දට ඊසාන දිගින් සහ ප්‍රකාශ කන්දට උතුරින් මහා දේවාලයට ගිනිකොණ දිසාවෙන් පිහිටි කැලෑවක.
? වර්තමානයේ නම් මෙම ප්‍රදේශය හඳුන්වන්නේ හුණුකැටවල ලෙසයි.එය පිහිටා ඇත්තේ දෙටගමුව ග්‍රාම සේවා වසමේ.
? අතීතයේ දී එය තිරිනෝරුමල වීභූති කන්ද ලෙසත් හඳුන්වා තිබෙනවා.
? අතීතයේ සිට කතරගම දේවාලයට සහ විවිධ දේවාල, කෝවිල් වෙත තින්නෝරු ලබා ගන්නා මෙම පාෂාණය ඇති හුනුකැටවල ඉඩම දෙවියන් වෙනුවෙන් වෙන් වූ ස්ථානයක් ලෙස පැවැතුණා.
තින්නෝරු ලබා ගැනීම
? ඇසළ මංගල්‍යය ළංවීමත් සමඟ කුඩා කැට වශයෙන් පස්වල හට ගන්නා තින්නෝරු මාස 3 වැනි කෙටි කාලයකින් නැවත ගල් වී අතුරුදහන් වෙනවා.
? තින්නෝරු හට ගන්නා කාලයේ දී කතරගම ප්‍රදේශවාසින් මස් මාංශයෙන් තොරව පේවි දෙවියන්ට බාර හාර වී තින්නෝරු නෙළා ගැනීමට පැමිණෙනවා.
? ඔවුන් පොළාවේ මතුපිට සිට අඩි 3 ක් පමණ ගැඹුරට වළක් කැපීමෙන් පසු කුඩා දෝනා ලෙස හාරමින් මෙම ද්‍රව්‍ය ලබා ගන්නවා.
? ඉන්පසු ඒවා එකතු කර හලා ගල් වැලි ඉවත් කරනවා.
? සුදු වු මෙම කැට අව්වේ වියළා ගෙන පිටි බවට පත්කර හලා ගෙන දේවාලයට ලබා දීම සිදුවෙනවා.
? පුරාණයේ පටන්ම තින්නෝරු නෙළීම සිදුකරන පාරම්පරික පිරිසක් කතරගම සිටිනවා.
? ඉන්දිය හින්දු බැතිමතුන් ඉන්දියාවේ ඇති කෝවිල් සඳහාත් කතරගම තින්නෝරු රැගෙන යාම සිදුවෙනවා
තින්නෝරු ඉපදුණේ මෙහෙමයි.
තින්නෝරු ලැබුණු ආකාරය ගැන කතරගම පැතිරෙන දේවකතාව,
? ස්කන්ධ කුමරු හා යුද වැදුණු සුරපත්මා අසුරයාගේ සියලු සේනා මරණයට පත් ව ඔවුන් පරාජයට පත්වුණා.
? සුරපත්මා අසුරයා පමණක් පණ බේරා ගෙන පලා ගියා. සුරපත්මා සිටියේ මහත් කනගාටුවෙන්.
? එම අවස්ථාවේ දී ඔහුගේ සිත සැනසීමට අසුරයාගේ මව වන මායා පැමිණියා.
? ඇය තම පුතණුවන්ට පැවසුවේ ලොව එක ප්‍රහාරයකින් යටත් කර ගැනීමේ වික්‍රමයක් ඇති තොපට ඊශ්වර මුර්ති ස්වරූප ස්කන්ධයන්ගෙන් නම් කවදාවත් ජයගත නොහැකි බවයි.
? කඳ කුමරු සමඟ කරන මෙම සටන නවතා දමන ලෙස මව සුරපත්මා අසුරයාගෙන් ඉල්ලා සිටියා.
? නමුත් අසුරයා එයට කන්දුන්නේ නැහැ. යළිත් සුරපද්මා අසුරයා තම සහෝදරයන් වන තාරකා සහ සිංහමුඛ යන අසුරයන් සමඟ ගොස් කඳ කුමරු හා සටන් කළා.
?සිදුවුණේ එම සහෝදරයන් දෙදෙනාත් කඳ කුමරුන් අතින් මිය යාමයි.
? සිය මව යළිත් හමු වූ සුරපද්මා අසුරයා සටන් රණ ශූරයකු වු තමන්ට මින් අත්වන ලජ්ජාව නිසා තමන් කඳ කුමරු සමඟ තනිවම සටන් කරන බව කිව්වා.
? හිතුවක්කාරකමින් සටන් කරන්නේ නම් හිමාල කඳු මුදුනේ ඇති මෘත සංජිව නම් ඖෂධයෙන් පිරුණු කන්ද මෙහි ගෙනවිත් තබන ලෙස මායා මෑණියන් අසුරයාට කිව්වා.
? කඳ කුමරු කන්ද අළු බවට පත් කළා.
? මෙම කන්ද ලංකාවට රැගෙන ආවොත් තුවාල ලබා මිය යන සේනාවලට යළිත් නින්දෙන් පිබිදුණා මෙන් ජිවය ලැබිය හැකි බව ඇය පැවසුවා.
? ඒ අවවාදය පිළිගත් අසුරයා ඖෂධ කන්ද අද තින්නෝරු පිහිටි බිමට රැගෙන ආ බව පැවසෙනවා.
? එය දුටු කඳ කුමරු කන්ද අළු බවට පත් කළා. ඖෂධ පැළෑටි පිරි කන්ද ගිනි ගෙන අළු ගොඩක් බවට පත් වු අතර එම අළු අද තින්නෝරු ලෙස ගොඩ ගන්නා බවයි ජනප්රවාදයේ පැවසෙන්නේ.
බැතිමතුන්ගේ තුවාල සුව කරයි .
? දෙවියන් වෙනුවෙන් කරන පුද සිරිත්වල දී සමහර බැතිමතුන් ශාරීරික වද හිංසා හා වේදනාවන්ට ලක් කරනවා.
? ශරීරය පුරා කටු ගසා ගෙන එම කටුවලින් හම ඇදී යන සේ එල්ලෙමින් ඔවුන් සිටිනු දැකගත හැකියි.
? එහිදී ඇති වන තුවාලවලට ඖෂධ ප්‍රතිකාරයක් කරන්නේ නැහැ.
? කතරගම මහ දේවාලයේ දී ඔවුනට කරන්නේ තුවාල ඇති ස්ථානවල “තින්නෝරු” ආලේපය පමණයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |

