මනාලියක් වීමට පෙර අනිවාර්යයෙන්ම ඔබ කළ යුතු දේවල් මෙන්න.
ඕනෑම මගුලකදී වැඩිපුරම මනමාලයට වඩා කැපී පෙනෙන්නේ මනමාලි. ඒ නිසාම මනාලියක් වෙන්න කලින් ඉඳන්ම අඩුම මාස 3කට 4කට කලින් ඉඳලවත් තමන්ගේ රූපේ ගැන ලස්සන ගැන වැඩිපුර හිතන්න ඕන. වැඩ වැඩි වෙලාවක් නැහැ කියලා බැහැ. පුංචිම වෙලාවක් ඒකට වෙන් කරන්න. ඉතින් ඔබේ රූපය ලස්සන කරගන්න කරන්න ඕනම දේවල් මොනවද කියලා මං කියන්නම්.
අවම මාස 3කට 4කට කලින් කිවුවට, පුළුවන් තරම් උත්සහ කරන්න මාස 6කට කලින් ඉඳලවත් මේ දේවල් කරන්න. හැබැයි ඊටත් වඩා වටිනවා දිනපතාම ඔබේ සුන්දරත්වය රැකගන්න උත්සහ කරනවා නම්.
ස්ක්‍රබ් කිරීම
💐 සම මත ඇති මැරුණු සෛල සහ බ්ලැක්හෙඩ්ස් ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය ස්ක්‍රබ් කිරීම කිව්වොත් නිවැරදියි. සිනිඳු ඇට සහිත ස්ක්‍රබ් එකක් සතියකට දෙවතාවක් පමණ භාවිතා කරන්න. ඔබ මේ සඳහා ගොරෝසු ඇට සහිත ස්ක්‍රබ් භාවිතා කළොත් ඔබේ සමට හානි සිදු වෙන්න පුළුවන්. මේ සඳහා ඔබට නිවසේදීම සකස් කර ගත් ස්ක්‍රබ් එකක් භාවිතා කළ හැකි නම් ගොඩක් හොඳයි.
මුහුණේ සහ හිස කෙස්
💐 විවාහ මංගලයට පෙර අවම වශයෙන් මාස හයක සිට මසකට වතාවක් ෆේෂල් එකක් සිදු කිරීම ආරම්භ කරන්න. ඔබ සතුව ඉතිරිව ඇත්තේ අඩු කාලයක් නම්, සතිපතා Gold Facial එකක් බැගින් සිදු කර ගන්න. නමුත් අලුත් නිෂ්පාදනයක් ගැල්වීමට පෙර, සෑම විටකම Patch Test එකක් කර, එය ඔබේ සමට ගැලපෙනවද කියලා බලන්න.
💐 මසකට වතාවක් ඔබේ හිස කෙස් වලට සාත්තු කර ගැනීම සඳහා රූපලාවන්‍යාගාරයකට යන්න. හිස කෙස් වලට සාත්තු කිරීම විවාහයට මාස 6කට පෙර සිටවත් සිදු කරන්න ඕන. ඔබ ඔබේ හිස කෙස් වලට රසායනික සාත්තු කිරීමට අකමැති නම්, නිවසේදීම හෙයාර් මාස් සකසාගෙන සාත්තු කරන්න.
සායනික සහ ගෘහස්ත ප්‍රතිකර්ම
💐 ඔබේ සමේ වැඩි කැළැල් ප්‍රමාණයක් තියෙනවා නම්, ඔබට ඉක්මනින්ම ප්‍රතිකාර වෙත යොමු වෙන්නට සිදු වෙනවා. විවාහ මංගල උත්සවයට මාස 6 කට පමණ පෙර සිටවත් ඔබේ ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. සම මත ඇති විවිධ කැළැල් වර්ග, තුවාල, ආසාදන සහ ඇක්නි වර්ග සුව කළ හැකි නවීන වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රම ඔබට අත්හදා බලන්න පුළුවන්. මීට අමතරව ඔබට නිවසේදීම මෙවැනි ගැටළු සඳහා අත්හදා බැලිය හැකි ස්වභාවික ප්‍රතිකර්ම සිදු කරන්න පුළුවන් නම් වඩාත් ගුණදායකයි.
සුන්දර දෑතක් සහ දෙපයක් ලබා ගැනීමට
💐 රාත්‍රී කාලයේදී නින්දට යාමට පෙර ඔබේ දෑත් සහ දෙපා වල ඔලීව් තෙල් ගල්වා සම්බාහනය කරන්න. නින්දට යාමේදී ඔලිව් තෙල් ගල්වාගෙනම නින්දට යන්න. මෙය ඔබගේ අත් සහ පාද මත ඇති වියළි හම ඉවත් කරනු ඇත. ස්නානය කිරීමේදී ඔබේ පතුල් ඇතිල්ලීම සඳහා ගලක් හෝ බුරුසුවක් භාවිතා කරන්න.
💐 අත් හා පාදවල නියපොතු ඔප දමා, නිය ආලේපන ගැල්වීමෙන් ඔබේ පෙනුම වර්ධනය කරනවා. විවාහාපේක්ෂිත යුවතියක් සතිපතා හෝ මාසිකව මෙනික්‍යු සහ පෙඩික්යුඑකක් කරගන්න.
💐 ස්වාභාවික ක්‍රම මඟින් දෑත් දෙපා වල ලස්සන රැක ගන්න උත්සහ කරන්න.
අනවශ්‍ය රෝම ඉවත් කිරීම
💐 ඔබේ සමේ රෝම පිහිටන ප්‍රමාණය වැඩියි නම්, එය සමේ පැහැපත් පෙනුම අඩු කර පෙන්වනවා. ඒ හින්දා සුමුදු සමක් ලබා ගැනීම වෙනුවෙන් ඔබට සම මත ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සිදු වෙනවා. ඔබේ පාද සහ අත් වල රෝම පිටතට නිරාවරණය වන බැවින් ඒවා ඉවත් කර ගන්න.
💐 ඔබේ ඇහිබැමවල හැඩය තබා ගන්න. ඔබ විවාහය ආසන්න වී හදිසියේ රෝම ඉවත් කළොත් ඔබේ සමට හානි වෙන්න පුළුවන්. මේ නිසා මාස 6ක පටන්, සතිපතා ඔබේ සම මත ඇති රෝම ඉවත් කරන්න.
ව්‍යායාම වල නිරත වන්න
💐 විවාහාපේක්ෂිත යුවතියක් තමන්ගේ සිරුරේ හැඩය පවත්වා ගැනීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වනවා. නමුත් විවාහයට මාස 2ක් පමණ තිබියදී හදිසියේ ව්‍යායාම කිරීමෙන් හෝ ආහාර පාලනය කිරීමෙන් ඔබේ රූපයට හානි සිදු වීමේ ඉඩකඩ වැඩි. ඔබ රෝගී වෙන්නත් පුළුවන්. මේ සඳහා වෘත්තීය පුහුනුකරුවෙකුගෙන් උපදෙස් ලබා ගන්න. ඔබට ගැලපෙන ව්‍යායාම් රටාවක් සහ ආහාර පාලන රටාවක් ඔහුගෙන් ලබා ගන්න. අඩුම තරමේ විවාහයට මාස 5කට පමණ පෙර වත් මේ සඳහා උනන්දු විය යුතුයි.
ආහාර රටාව
💐 ඔබේ සිරුර තුල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු වෙනවා. අඩුම තරමින් දවසකට වතුර වීදුරු 8-10 ක් පමණ පානය කළ යුතුයි. පොල් වතුර, දෙහි යුෂ පානය කිරීමත් මේ සඳහා ඉතා සුදුසුයි. පලතුරු, කොළ පැහැති එළවලු සහ ප්‍රෝටීන් අඩංගු සමබර ආහාරයක් මේ කාලයේදී ලබා ගන්න.
💐 චිප්ස්, චොක්ලට්, අයිස් ක්‍රීම් හෝ සෝඩා වැනි ආහාර ලබා ගැනීම නවත්වන්න. ඒවා සමේ ගැටලු වලට මඟ පාදනවා. ඉඳහිට ආහාරයට ගත්තත්, හැකි තරම් පාලනය කරන්න. පලතුරු වැනි සෞඛ්‍ය සම්පන්න හා පෝෂ්‍යදායි ආහාර වර්ග ගැනීමට උනන්දු වන්න.
💐 ප්‍රතිජීවක, ඛනිජ ලවණ සහ විටමින් වර්ග අඩංගු ආහාර ලබා ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න, දිදුලන සමක් සහ කෙස් කළඹක් ඔබට හිමි වේවි. ඔබේ පෝෂණ ඌනතා ගැන දැනුවත් වී, ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඔබේ එදිනෙදා ආහාර රටාව තුලින් ඔබේ සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය ගැන අවධානයෙන් ඉන්න.
නින්ද
💐 විවාහාපේක්ෂිත යුවතියකට නින්ද අත්‍යවශ්‍ය සාධකයක්. විවාහ උත්සවයේ වැඩ රාජකාරි සමඟ කාර්යබහුල වීම නිසාම ඇතැම් යුවතියන් නිදි මැරීමට පටන් ගන්නවා. නින්ද නොලැබීමෙන් ඔබේ දෑස් වටා අඳුරු කව ඇති වෙන්න පුළුවන්.
💐 මේකප් යොදා මුහුණ හැඩ කළත්, ඔබේ ඇස් යට ඇති අඳුරු රවුම් ඉවත් කරන්න බැහැ. ඔබේ ජිවිතයේ සුන්දරම දිනයේ ඔබේ රූපය අවලස්සන කිරීමට මේ නිදි මැරීම හේතුවක් වේවි. ඉතින්, ඔබ දවසකට පැය 8-10 ක්වත් නිදා ගත යුතුමයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |