හිතුමනාපෙට Antibiotics ගත්තොත් සිදු වන දේ මෙන්න. ගර්භනී මව්වරුන්ට මේක විශේෂයි.

World Health Organization Ministry of Health Sri Lanka
By Wayomi Oct 27, 2022 08:42 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Antibiotics හෙවත් ප්‍රතිජීවක ඖෂධ කියන්නේ ඔබ කවුරුත් දන්න විදිහට බැක්ටෙරියා මගින් ඇතිවන ආසාදිත තත්වයන් වලදී වෙයිද්‍යවරුන් විසින් නිර්දේශ කරන ඖෂධයක්. ගොඩක් වෙලාවට ඉතින් සෙම්ප්‍රතිෂාව, මුත්‍රා දැවිල්ල ,නිව්මෝනියාව රෝග රැසකට එලෙස Antibiotics නිර්දේශ කරනවනේ.

හැබැයි අපේ අය ගොඩක් වෙලාවට ආවට ගියාට මේ Antibiotics පාවිච්චි කරන්න පුරුදුවෙලා ඉන්නවා. සමහරු දවස් 2-3ක් පාවිච්චි කරලා රෝගය යම්තාක් දුරට හොඳ වුණාම බෙහෙත් නවත්වා ඉතිරි බෙහෙත් ළඟ තියාගන්නවා ආයෙත් එම රෝගය හැදුනට පස්සේ වෛද්‍ය උපදෙසකින් තොරව පාවිච්චියට ගන්න. හැබැයි ඒක ඔබේ සෞඛ්‍යට අහිතකර බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා ආවට ගියාට Antibiotics ගන්න කලින් මෙන්න මේ කරුණු ටික ගැනත් සැළකිලිමත් වෙන්න.

Antibiotics ගන්න කලින් සැලකිලිමත් විය යුතු කරුණු

💊 Antibiotics හෙවත් ප්‍රතිජීවක කියන්නේ අප නිතර භාවිතා කරන panadol වගේ බෙහෙත් වර්ගයක් නෙවෙයි කියලා මතක තියාගන්න.

💊 පළමු දිනයේදීම රෝගය සුව අතට හැරුණද වෛද්‍යවරයා නිර්දේශ කර ඇති නියමිත දින ගණනට නියමිත මාත්‍රාවන් ගැනීමෙන් රෝගය නැවත මතු වීම පාලනය කරනවා.

💊 බොහෝ දෙනා කැස්ස සෙම්ප්‍රතිෂාව සෑදුන ගමන් antibiotics ගැනීමට පුරුදුව සිටිනවා. මුලින්ම ඔබ දැනගත යුතු කාරණය වන්නේ antibiotics භාවිතා කරන්නේ බැක්ටීරියා මගින් සිදුවන ආසාදන සඳහා පමණක් බවයි.

💊 සෙම්ප්‍රතිශ්‍යාව උණ බැක්ටීරියා නිසා පමණක් නොව virus නිසාද ඇතිවිය හැකියි. virus ආසාදනයකදී බැක්ටීරියා විනාශ කරන antibiotics ගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

💊 එම නිසා අනවශ්‍ය ලෙස බෙහෙත් පාවිච්චි කරනවට වඩා වෛද්‍යය උපදෙස් පිළිපැදීම වැදගත්.

💊 යම් antibiotic වර්ගයක් නියම කර ඇති දින ගණනකීය වුණත්, ඒ, සෑම දිනයකදීම එකම වෙලාවට ඖෂධය ඉවර වෙන තෙක් ලබාගන්න වග බලාගන්න.ඒ වගේම එක දවසක්වත් මඟ අරින්න එපා. දින කඩ කඩ බොන්නත් එපා.

💊 එමෙන්ම antibiotics කිරි සමඟ එකවිට ගැනීම හොඳ නැහැ.මොකද ඔෂධය ශරීරයට උරා ගැනීම අක්‍රමවත් කරනවා.

💊 ඒ වගේම antibiotics ගැනීමට ප්‍රථම ඔබ භාවිතා කරන අනෙකුත් බෙහෙත් වර්ග ගැන වෛද්‍යවරයා දැනුවත් කල යුතුයි.

💊 තවද නොයෙකුත් බෙහෙත් වර්ග සහ antibiotics අනිසි ලෙස ප්‍රතික්‍රියා කරයි එමගින් මරණය පවා සිදුවිය හැකියි.එම නිසා සෑම විටම සෙම්ප්‍රතිශ්‍යවකට බෙහෙත් ගැනීමට ගියද ඔබ භාවිතා කරන කරන අනෙකුත් බෙහෙත් වර්ග පිළිබඳ වෙද්‍යවරයා දැනුවත් කරන්න.

💊 යම් හෙයකින් antibiotics පාවිච්චි කිරීමේදී ඔබට යම්කිසි වෙනසක්, ආසාත්මික තාවයක් (කැසීමක් හෝ පලු දැමීමක්) ඇති වුනි නම් වහාම බෙහෙත් නවත්වා වෛද්‍යවරයා වෙත යන්න.

💊 ඒ වගේම තමන්ට ආසාත්මික වූ බෙහෙත් වර්ගය හොඳින් මතකයේ තබාගෙන ප්‍රතිකාර ගැනීමට යන සෑම මොහොතකම වෛද්‍යවරයාට පැවසීමට අමතක නොකළ යුතුයි.

💊 පිළිසිද ගැනීමක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන් සහ ගැබිණි මව්වරුන් antibiotics ගැනීමේදී ඉතාම සැලකිලිමත් විය යුතුයි.

💊 සමහර antibiotics කලලයට විෂ සහිත වෙනවා.බොහෝ කාන්තාවන්ට දරු පිලිසිදගැනීමකින් සති 2-3ට පසු මුත්‍රා ආසාදන ඇතිවීම සාමාන්‍ය දෙයකි.

💊 නමුත් ඔබ දරුවෙකු බලාපොරොත්තුව සිටින බව වෛද්‍යවරයා දැනුවත් නොකළහොත් ලබාදෙන බෙහෙත් කලලයට විෂ සහිත විය හැකියි.එමගින් ගබ්සා වගේම ආබාධිත දරුවන් ලැබීමටද ඉඩ තිබෙනවා.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW