පිරිමින්ට නැති කාන්තාවන්ට පමණක් සුවිශේෂී වූ මේ දේවල්
පිරිමින්ගේ තාඩන පීඩන, ගැරහුමට ලක් වුණාට කාන්තාව කියන්නේ ස්වභාවදර්මයේ අපූරුතම සහ උතුම් මැවීමක්. දරුවකු කුස තුල දරා සිටීමේ සුවිශේෂී දක්ෂතාවට අමතරව ඔබ නොදන්න තවත් බොහෝ සුවිශේෂිතා තිබෙන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ කායිකව සහ මානසිකව කාන්තාවටම සුවිශේෂී වූ කරුණු කිහිපයක් ගැනයි.
? කාන්තාවන්ගේ හදවත් පිරිමින් හදවත් වලට වඩා වේගයෙන් ගැසීම සිදු වෙනවා.
? කාන්තාවන්ගේ මේදය පිරිමින්ට වඩා සෙමින් දහනය වීම සිදු වෙනවා. දිනකට කැලරි 50ක් පමණ දහනය කිරීමට කාන්තාවන්ට හැකියාවක් තිබෙනවා.
? කාන්තාවන්ට ශක්තිමත් ප්‍රතිශක්තියක් පවතිනවා.
? පිරිමින්ට වඩා දෙගුණයක් ගැහැණු හිසකෙස් වල විෂ්කම්භය කුඩායි.
? පිරිමින් සමග සන්සන්දනය කරන විට කාන්තාවන්ගේ දිවෙහි මිහිරි ප්‍රතිග්‍රාහක වැඩියෙන් පවතිනවා.
? කාන්තාවන්ට පිරිමින්ට වඩා වර්ණ අතර වෙනස හඳුනාගත හැකියි මීට හේතුව වර්ණදේහ සංවේදීතාව X – වර්ණදේහ සමඟ කෙලින්ම සම්බන්ධ වී තිබීමයි.
? කාන්තාවන් පිරිමින්ට වඩා දෙගුණයක් ඇස් පිහාටු ගැසීම සිදු කරනවා.
? කාන්තාවන්ගේ සම පිරිමින් සමග සන්සන්දනය කිරීමේදී 10 ගුණයක් සංවේදීයි.
? කාන්තාවන් පිරිමින්ට වඩා ජානමය වශයෙන් නම්‍යශීලීයි.
? කාන්තාවන්ට පිරිමින්ට වඩා ඉහළ සංඛ්‍යාත ශබ්ද හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා.
? කාන්තාවන්ගෙන් 30% ක් ගර්භණී සමයේදී ආහාරයට ගත නොහැකි දේට බොහෝ ඇලුම් කරනවා.
? කාන්තාවන් සාමාන්‍යයෙන් වසරකට 30 – 64 වතාවක් දක්වා ඇඩීම සිදු කරන අතරම පිරිමින් 6 – 17 වතාවක් අඩනවා.
? උපතේ සිටම ස්ත්‍රියකගේ සුවඳ පිළිබඳ හැඟීම පිරිමියෙකුට වඩා හොඳයි.
? කාන්තාවන්ට වඩා ශක්තිමත්ව වේදනාව අත්විඳිය හැකියි. මීට හේතුව කාන්තාවන්ට වැඩි ස්නායු වේදනා ප්‍රතිග්‍රාහක පැවතීමයි. මෙසේ සිදු වී ඇත්තේ, කාන්තාවකට දරු ප්‍රසූතියේ වේදනා විඳීමට සිදු වෙන නිසාමයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |