තිළිණි ප්‍රියමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟත් ගනුදෙනු..? අසාද් සාලිත් CID යට ..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Oct 17, 2022 03:09 PM GMT
Report

බරපතල මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. ඇයගේ ව්‍යාපාර සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ආයෝජනය කර ඇත්ද පල යන්න පිළිබඳ එහිදී විමර්ශනය කෙරෙන බවයි වාර්තාවන්නේ.

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාව මත තිළිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 5 වනදායි. ඒ ඇයට එරෙහිව ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුවයි. ඇය අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මේ වනවිට තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි 11 ක් ඉදිරිපත්වී තිබෙනවා.

ඉන් පැමිණිලි 09 ක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර පැමිණිලි දෙකක් මීගමුව පොලිසියට සහ තවත් පැමිණිල්ලක් කඩවත පොලිසියට ලැබී ඇති බව සඳහන්. මේ අතර රුපියල් මිලියන 80 ක මුදලක් සැකකාර කාන්තාවට ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

රහස් පොලිසිය හමුවේ පෙනිසිටීමෙන් අනතුරුව ඔහු සඳහන් කළේ, තමන්ට තිළිණි ප්‍රියමාලිව හදුන්වාදෙනු ලැබුවේ ජානකී සිරිවර්ධන නැමැත්තිය බවයි. මේ අතර තිළිණි ප්‍රියමාලිගේ සැමියා ලෙස පෙනීසිටි ඉසුරු බණ්ඩාර නැමැත්තා සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතිනවා.

ඔහු  කියා සිටියේ තමන් ඇය සමඟ නීත්‍යානුකූලව විවාහ වී නොසිටි අතර ප්‍රේම සබඳතාවක් පමණක් පැවැත්වූ බවයි. එමෙන්ම තිළිණි ප්‍රියමාලි විවාහක කාන්තාවක් බවට තමන් පසුගිය ජුලි මාසයේදී දැනගත් බවත් ඉසුරු බණ්ඩාර ප්‍රකාශ කළා.

ඇය තමන්ටද විවිධ වංචා සිදුකර ඇති අතර තමන් සතුව තිබූ මුදල් හා රත්‍රං තොගයක්ද ඇය වංචනිකව ලබා ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් ඉසුරු බණ්ඩාර ඇය සමඟ පසුගිය මැයි මාසයේ සිට මාස තුනක පමණ කාලයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ලැඟුම්ගෙන ඇති බවට තොරතුරු වාර්තාවන අතර එම සියලු වියදම් තිළිණි ප්‍රියමාලි විසින් දරා ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now