තිළිණි ප්‍රියමාලි තවත් ගමනක් යයි..!
මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි, අද තවත් ස්ථානීය පරීක්ෂණයක් සඳහා රැගෙන ගියා. ඒ අනුව සැකකාරිය කොළඹ කොටුව රිට්ස් කාල්ටන් නිවාස සංකීර්ණයේ ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ආවා.
ඇය සමඟ පැමිණි නිලධාරීන් එහි ප්‍රධාන කාර්යාලයේ යම් පරීක්ෂාවක නිරත වන ආකාරය දක්නට ලැබුණු නමුත් එම සිදුවීම මාධ්‍යයට විවෘත කෙරුණේ නැහැ. පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දී තිබූ කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සමඟ මෙම මහල් නිවාස සංකීර්ණයද සම්බන්ධ බවටයි චෝදනා එල්ල වුණේ.
පසුව සැකකාරිය නැවත වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ පස්වරු 3.25ට පමණ තිළිණි ප්‍රියමාලි නැවත බන්ධනාගාරය වෙත රැගෙන ආ බවයි. මේ අතර, තිළිණි ප්‍රියමාලිට අයත්, කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගේ දුරකතන කිහිපයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ ඔස්සේ අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන බවයි. සැකකාරියට එරෙහිව මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 ක්. ඊයේ දිනයේදී තවත් පැමිණිලි දෙකක් ඇයට එරෙහිව ලබා දීමට පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවට පෙර දැනුම්දී තිබුණත් ඔවුන් එහි පැමිණ තිබුණේ නැහැ. මේ අතර, රුපියල් ලක්ෂ 90 ක මූල්‍ය වංචාවක් සිදුකළ බවට සැකපිට කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ 28 හැවිරිදි දෙදරු පියෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ පොල්ගස්ඕවිට - පාලගම - ඇටගහවත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරකට අනුව කහතුඩුව පොලිසියේ නිලධාරීන් අදාල නිවෙස වෙත ගිය බවයි. එම නිවසේ පදිංචි පුද්ගලයා මුදල් තැන්පතු භාර ගැනීමේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති අතර පසුව ඒවා නැවත ලබා නොදී මඟහැර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයින් සැකකරුගේ නිවසට පැමිණ ඇති අතර පසුව සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය නිවේදනය කළේ කොට්ටාව, මිරිහාන, පිළියන්දල, කහතුඩුව ආදි ප්‍රදේශවල පුද්ගලයින් 06 දෙනෙකු සැකකරුට එරෙහිව පැමිණිලි 06 ක් ඉදිරිපත් කර ඇති බවයි. සැකකරු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |