තිළිණි ප්‍රියමාලි මාංචුත් නැතිව හදිසියේ WTC කාර්යාලයට ආ හැටි..(VIDEO)
CID - Sri Lanka Police
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ ප්‍රභූ පන්තියේ ධනවතුන් රවටමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නැමැත්තිය අද කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ආරක්ෂක රැකවල් මැද රැගෙන ආවා.
බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන අවස්ථාවේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා නො තිබීම විශේෂත්වයක්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වෙනි මහලේ පිහිටා ඇති ඇයගේ කාර්යාලය වෙත රැගෙන ගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |